ඊයේ පාර්ලිමේන්තුවේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ආණ්ඩුවේ සභානායක
අමාත්‍ය බිමල් රත්නායක ආණ්ඩුවේ නායකයින්ට මෙන්ම විපක්ෂයේ දේශපාලන නායකයින්ටද සිතිය යුතු අගනා අදහස් දැක්වීමක් කළේය.
ඒ පලස්තීනයේ ජන සංහාරය, ඩරානයට පහර දීම හා ඉන් ඇවිලුනු ගැටුම සම්බන්ධයෙන් ඍ්‍රශ්‍රායලය සහ ඒ පිටුපස සිටින එක්සත් ජනපදය ඇතුළු ලෝක නායකයින් සම්බන්ධයෙනි.
විශේෂයෙන්ම මේ මොහොතේ ඒ අදහස් දැක්වීමේ පළමු පාඩම වත්මන් ජනාධිපතිවරයාට අදාළ නොවන්නේ ද?
“ ඊශ්‍රායලය විසින් ඉරානයට පසුගිය මාස ගණනාවක් තිස්සේ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඒ රටේ තානාපති කාර්යාලට, ප්‍රධාන පෙළේ හමුදා නායකයින්ට දේශපාලන නායකයින්ට..ඊශ්‍රායල් ආණ්ඩුවේ හමුදා අංශ මගින් පහරදීම් කරනවා.
සම්පූර්ණයෙන්ම සෛවරී රාජ්‍යයක් වශයෙන් ඉරානයට තිබෙන අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම වගේම අපි දන්නව පසුගිය වසර එකහමාරක් තිස්සේ ඇදෙන පලස්තීනයේ ගාසා ජනතාව සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කිරීමේ ඊශ්‍රායල් උවමනාව ඊශ්‍රායල් ආණ්ඩුවේ සැලැස්මත් එක්ක තමයි මේ සියලු තත්වයන් උදාවෙලා තියෙන්නෙ.
ඊශ්‍රායල් ඉරාන යුද්ධය උනත් තිබෙන්නේ පලස්තීන ප්‍රශ්නයත් එක්ක පදනම් කරගෙනයි.
අද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්වෙලා තිබෙනවා. නමුත් අපි දකින දේ තමයි මෙවැනි රාජ්‍යයන් දෙකක් අතර යුද්ධයක් ඇති වුනාම ලෝකයේ තිබෙන වගකිව යුතු රටවල් වගේම හැම රටක්ම කළ යුත්තේ එම යුද්ධයට උඩගෙඩි දීම නෙවෙයි.
විශේෂයෙන්ම මේ රටවල් දෙකම යම් ආකාරයක න්‍යෂ්ටික ශක්තීන් තියෙන රටවල්. ඊශ්‍රායලය කියන්නෙ මා දන්නා පමණින් එක්සත් ජනපදය සතුව තිබෙන න්‍යෂ්ටික ආයුධ වලින් කොටසක් තමයි ඔවුන් භාවිතා කරන්නෙ. ඉරානය ගත්තොත් ඔවුන් සතුව න්‍යෂ්ටික ආයුද තිබෙනවාද නැද්ද කියන විවාදය කෙසේ වෙතත් ඉරානය අව්රුදු හතලිස් ගණනක දැඩි සම්බාධක නිසාම, 1979 ඉරාන දේශපාලන අරගලයෙන් පසුව ඔවුන් අතිදැවැන්ත ස්වශක්තියකින් තාක්ෂනය විද්‍යාව වගේ හැම දෙයක්ම දියුණු කරගත්ත රටක්. එනිසා ඉරානයේ තිබෙන ශක්තීන් ගැන සමහරවිට බොහෝ අය නොදන්නවා වෙන්නත් පුළුවන්. අනිත් එක මිලියන 90 ක ජනතාවක්. ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරයක්.
ඒනිසා මෙවැනි න්‍යෂ්ටික බලවතුන් වගේ රටවල් දෙකක් අතර ගැටුමක් ඇති උනාම අපි හිතන දේ තමයි ලෝකයේ හැම රටකටම තියෙන වගකීම තමයි මේගැටුම ඉතාම ඉක්මණින් නතර කරල මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න පුළුවන් තැනකට ගේන එක.
නමුත් අපි කණගාටු වෙනවා අද මේ යුද්ධය ඇවිලගෙන යන්නේ, පැහැදිලිවම අපි දැක්කෙ නැහැ ලෝකයේ ගොඩක් රටවල් ඊශ්‍රායලයේ පැත්ත අරගෙන ඒ රටට මේ යුද්ධය කරන්න කියන එක තමයි දෙන්නෙ. ඒකට කියන්නෙ තමන්ගෙ රටට ආරක්ෂා වීමේ අයිතිය කියලයි. නමුත් ආරක්ෂා වීමේ අයිතිය නැතිවෙන්නෙ කොහොමද? කව්රුත් දන්නව ඊශ්‍රායලය පහුගිය කාලෙ ඔය පළාතෙ තියෙන හැම රටකටම පහුගිය කාලෙ පහරදෙමින් තිබෙනවා, ඊශ්‍රායල් ආණ්ඩු.
ඊශ්‍රායල් ආණ්ඩුවත් එක්ක තියෙන, ඒ ආණ්ඩුවේ තියෙන දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තියෙන විවේචනය ඊශ්‍රායලයේ සමස්ත ජනතාවට එරෙහිව ප්‍රකාශ කිරීමත් වැරදියි. ඊශ්‍රායල් ආණ්ඩුවේ වරදක් මෙහි තියෙනවා. ඒක පෞද්ගලිකවත් මම විශ්වාස කරනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ අපි සමස්ත ඊශ්‍රායල් ජනතාවටම විරුද්ධ වෙන්න ඔින කියල. එම ජනතාවම තමයි ඒ ආණ්ඩු වෙනස් කරන්නෙත්.
ඒ මොනව උනත් ලෝකයේ බිස්නස් අරමුණු මත හෝ දේශපාලන අරමුණු මත රටවල් දෙකක මිනිස්සු මැරෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි මේ ප්‍රශ්නය තියෙන්නේ පලස්තීනය නිදහස් රාජ්‍යයක් ලෙස ස්ථාපිත කරන්න ඉඩ නොදීම නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ. පලස්තීනය කියන්නෙ ලෝකෙ අවසාන කොළනිය. අඩුගානෙ ආසියාවේ අවසාන යටත් විජිතය. 1947ට කලින් පලස්තීනය කියල රටක් තිබුන. බ්‍රිතාන්‍ය අධිරා්‍යයන් අපේ රට දෙකට තුනට කඩලා, සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යුද්ධ හදල අපිව විනාස කලා වගේම අද ඉන්දියාව පතිස්තාන ගහගන්නව, බ්‍රිතාන්‍යන් ඉන්දියාව කැඩුව හැටි බලන්න..ඉන්දියාව කැඩුව නෙවෙයි බ්‍රිතාන්‍යයන් ඉන්දියාව ඉරල තියෙන්නෙ..ඒවයෙ විපාක අදත් ඒ රටවල් ගෙවනවා.
අන්න ඒ ජාතිවාදී, ඒ අධිරාජ්‍යවාදී අරමුණින්ම තමයි පලස්තීනයේ රටක් තිබිච්ච මිනිස්සුන්ට රටක් නැතිකලේ. ලෝකයේ රටවල් වල මිනිස්සු සටන් කරනාව අලුත් රටක් ඉල්ලලා..හැබැයි පලස්තීනයෙ තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි. ඒ ජනතාවට තිබුන සෛවරී රාජ්‍යය තමයි උදුරගෙන තියෙන්නෙ.
එතැන්දි ලෝකයට වගකීමක් තියෙනවා . මොකද ඊශ්‍රායලය ඇති කරන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ එකඟතාවෙන්. ඒ එකඟතාව තුළ තියෙන්නෙ නිදහස් පලස්තීන රාජ්‍යයක් ඇතිකළ යුතුයි..නිදහස් ඊශ්‍රායල් රාජ්‍යයකුත් ඇතිකළ යුතුයි කියන කොන්දේසි දෙක. බැහැයි අද ලෝක බලවතුන් විසින් උදව් කරල එක රාජ්‍යයක් ඇතිකල තියෙනවා. ඒ ඊශ්‍රායලය. නමුත් පලස්තීනය කියල ස්වාධීන රාජ්‍යයක් ඇතිකළේ නැතිව අද ඒක අඩුකරල අඩුකරල අද පලස්තීන ජනතාවට 10-11%ක් තමයි තියෙන්නෙ. ඊට අමතරව අතිදැවැන්ත අමානුෂික ඝාතන කරනවා. ඒ කිසිම ඝාතනයකට විරුද්ධව විශේෂයෙන්ම එක්සත් ජනපදයෙ නායකයින් කිසිසේත්ම සලකන්නෙ නැහැ".
(සභානායක බිමල් රත්නායක ගේ සම්පූර්ණ අදහස් දැක්වීම ඉහත වීඩියෝවෙන් නරඹන්න...)