SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අහමදාබාද් ගුවන්තොටුපළ අසලදී එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන්

අවම වශයෙන් පුද්ගලයින් 133 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

 

p c 4

 

මගීන් 232 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු රැගත් එයාර් ඉන්දියා ගුවන් යානය පස්වරු 1.17 ට ලන්ඩන් බලා පිටත්ව යන අතරතුර මෙම සිදුවීම සිදුවිය.

 

ගුවන් යානයේ ඉන්දියානුවන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගීසි ජාතිකයන් 7 දෙනෙකු සහ කැනේඩියානු මගියෙකු ගමන් කරමින් සිටියහ.

 

p c 3

 

අහමදාබාද්හි මේඝානිනගර් ප්‍රදේශය අසල ධාර්පූර් සිට දැඩි දුමාරයක් දිස්විය. ගිනි නිවන හමුදාව එම ස්ථානයට ඉක්මනින් ගොස් ඇති අතර හදිසි ප්‍රතිචාර කණ්ඩායම් යොදවා ඇත. අනතුරට හේතුව බලධාරීන් තවමත් තහවුරු කර නොමැත.

 

plane c 2

 

අනතුර පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි සිද්ධිය වූ සැණින්  ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම්මෝහන් නායිදු සමඟ කතා කළ අතර  අහමදාබාද් වෙත ගොස් විපතට පත් වූවන්ට හැකි සෑම ආධාරයක්ම ලබා දෙන බවට සහතික වන ලෙස අගමැතිවරයා අමාත්‍යවරුන් දෙදෙනාගෙන් ඉල්ලා සිටියේය.

 

නවතම ලිපි