SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ

චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ සසහෝදරයා අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රැස්වීම් ශාලාවේදි පැවැත්විණි.

 

 WhatsApp Image 2025 06 10 at 07.31.201

 

ඒ් චීන කොමියුනිස් පක්ෂයේ  ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු පිරිසක් මේ දිනවල එරට සංචාරයක නිතරව සිටින අතරතුරය.

 

එම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව විශේෂයෙන් සකචිඡාවට බදුන් විය.

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට චිනයෙන් මෙන්ම ජජියාන් පළාතෙන් ලබාදීය හැකි ඉදිරි දායකත්වය පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් විය.

 

 WhatsApp Image 2025 06 10 at 07.31.191

 

ශ්‍රී ලංකාවේ පැවති දූෂිත පාලනය තන්ත්‍රය අවසන් කර ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රට ආර්ථිකය සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගැනීමේ සැලසුමක් සහිතව ගමන් කරමින් සිටින බවත් මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අවධාරණය කරන ලදී. එම ගමනේදී චීනයේ මෙන්ම ජජියාන් පළාතේ සහායද වර්ථමාන චීනය දක්වා පැමිණි ගමනේදී චීන කොමියුනිස්ට් පක්ෂය ලද අද්කීම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී ප්‍රධාන ලේකම් සහෝදරයා සඳහන්කර සිටියේය.

 

 

මෙම හමුව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, නියොජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ් .එම්. ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු සහෝදර සහෝදරියන් පිරිසක් ඒක්වී සිටි අතර  ජජියාන් පළාතේ උප ආණ්‌ඩුකාර ලූ ෂන් , චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ දකුණු ආසියානු කලාපයේ  අධක්ෂක ජනරාල් පඅන් ෂියු බින් ඇතුලු ජජියාන් පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද එක් වී සිටියහ.

 

 WhatsApp Image 2025 06 10 at 07.31.19

 

@මාධ්‍ය ඒකකය

ජනතා විමුක්ති පෙරමුණ

නවතම ලිපි