පොදු පාඨකයාගේ දැනුවත්වීම සඳහා: හැඳින්වීමක්!
[ජනබලය සාමූහිකය යනු ජාතික ජන බලවේගය ආණ්ඩුවට බලයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩුව සුරැකීම සඳහා පොදු සතුරාගෙන් ආණ්ඩුව ගලවාගන්නා බව පෙන්වන්නට මහාචාර්ය නිර්මාල් දේවසිරි ප්‍රමුඛ සිවිල් සහ පුරවැසියන් කිහිප දෙනෙක් ගෙන් සමන්විතව ගොඩනගා ඇති කුඩා කණ්ඩායමකි]
එම එකතුව සම්බන්ධයෙන් මාධව රුවන්පතිරණ විසින් තම මුහුණු පොතේ සිදුකර ඇති හෙළිදරව්වකි පහත පළවන්නේ.
වසර 44ක් පැරණි යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය නැවත ඉස්මතු කරගැනීමේ උත්සාහයක් මේ දිනවල ක්‍රියාත්මක වේ. ඒ "ජන බලය" සාමුහිකයේ ප්‍රමුඛත්වයෙනි. මෙම ව්‍යාපෘතිය ඉතා තක්කඩි, කූට ආකාරයෙන් ජන බලය වෙත ඔබ්බවා ඇත්තේ නන්දන වීරරත්න විසිනි.
ජන බලය සාමුහිකයේ බහුතරය සමන්විත වන්නේ ට්‍රොස්කිවාදී සම්ප්‍රදායේ තකතීරු වම්මුන්ගෙනි. එහි සාමාජික සංයුතියේ මහා පොදු සාධකය වන, සුපුරුදු තකතීරු වාමාංශික ප්‍රවේශයට නැවත අවතීර්ණ වීමට හැකි වීම ඔවුනගේ අමන්දානන්දයට හේතු වී ඇති බව පෙනේ. තකතීරු වාමාංශිකයින් හට මහත් ආස්වාදයක් ගෙනදෙනුයේ සුලු ජාතිකවාදය වෙනුවෙන් වන ආඩම්බරකාරී පෙනී සිටීම තුලිනි. නන්දන විසින් උපයෝගී කරගනුයේ ඔවුන්ගේ එම ස්ථාවරයයි.
නන්දන විසින් පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් තමන්ට ලැබෙන බවත්, එබැවින් මේ කටයුත්ත මහා ඉහලින් සංවිධානය කල හැකි බවත්ය. එහිදී කීර්ති කුමාර මද්දුමපටබැඳිගේ විසින් විමසා ඇත්තේ එම මුදල් ලැබෙනුයේ කා වෙතින්ද යන්නයි. එවිට කිපී ඇති නන්දන විසින් දැඩිව පවසා ඇත්තේ එය අදාළ නොවන බවය. කීර්ති සහ කෝසල කොරලගේ විසින් දිගින් දිගටම ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී අවසානයේ නන්දන විසින් පවසා ඇත්තේ එම මුදල් තමන්ගේ බවය.
කීර්ති විසින් මා සමග පැවසූ පරිදි නන්දන, කපිල ක්‍රිෂාන්ත සහ විදර්ශන කන්නන්ගර යන තිදෙනා විසින් දැඩිව පවසා ඇත්තේ කීර්ති සංවිධානයෙන් ඉවත් කල යුතු බවය (එදා වේල වාමාංශිකයෙකු වන විදර්ශන හට මෙය මහඟු අවස්තාවක් බව ඉන් පෙනී යයි). මේ අය ප්‍රජාතන්ත්‍රවාදීන් බව පුන පුනා කියා සිටින තත්වයක් තුල "ජන බලයේ" ප්‍රජාතන්තරේ දෝරේ ගලා ගිය මොහොත එයයි. මෙම මුදල් පිළිබඳව ප්‍රශ්නයේදී නිර්මාල් දේවසිරිගේ හැසිරීමද නන්දන සහ විදර්ශනගේ ස්ථාවරයට පක්ෂපාතීව සිදු වූ බව කීර්ති විසින් පැවසීය.
නන්දන විසින් මුදල් ලැබෙන ආකාරය නිශ්චිතව නොපවසුවද ඔහු වටින් ගොඩින් පවසා ඇත්තේ එම මුදල් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබා දෙන බවය.
කෙසේ වෙතත් මෙම ව්‍යපෘතියේ අරමුණ වන්නේ දකුණේ සිංහල බෞද්ධ ජාතිකවාදය නැවත පෝෂණය කිරීමයි. ඉන් පසුව සිදුවන්නේ මේ වන විට යටපත්ව ඇති, දෙමල ජාතිකවාදය නැවත ඉහල නැගීමයි. මින් වාසි වන්නේ රාජපක්ෂවරුනට සහ දිලිත් ජයවීරටය.
නන්දන විසින් ඍජුව ප්‍රකාශ නොකරන මීට ලැබෙන මුදල් ලබාදෙනුයේ දිලිත් ජයවීර විසින්ද යන්න පිළිබඳව සැකයක් මතුවන්නේ නන්දන යනු ඔහුගේ "අරුණ" පුවත්පතෙහි කතෘවරයෙකු බැවිනි.
උපුටාගැනීම:
@Madawa Ruwanpathirana fb page