2025 ජුනි 4 වන දින, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UNSC) විසින්
දිගින් දිගටම උත්සන්න වන ප්‍රචණ්ඩත්වය සහ දරුණු මානුෂීය අර්බුද හේතුවෙන් දහස් ගණනක් මිය ගොස් මිලියන ගණනක් කුසගින්නේ පසුවන ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඉල්ලා සිටියහ.
කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයින් 14 දෙනාගේම සහාය මෙයට ලැබුණු අතර එම යෝජනාව එක්සත් ජනපදය විසින් නිෂේධ බලය භාවිත කරමින් තනිව ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් විය.
පුළුල් සාගතයක්, බිඳ වැටෙන වෛද්‍ය යටිතල පහසුකම් සහ නොනවතින බෝම්බ ප්‍රහාර ඇතුළු ව්‍යසනකාරී තත්ත්වයන්ට ගාසා තීරය මුහුණ දෙන බවට මානුෂීය සංවිධාන විසින් අනතුරු අඟවති. එක්සත් ජාතීන්ගේ නිලධාරීන් මෙම තත්ත්වය විස්තර කරන්නේ "අනපේක්ෂිත ව්යසනකාරී (apocalyptic) " තත්වයක් ලෙසයි, දරුවන් සහ සිවිල් වැසියන් දුක් විඳීමේ බරින් වැඩි කොටසක් දරා සිටිති යනුවෙන් ඔවුන් ප්‍රකාශ කරයි.
ගාසා තීරයේ මානුෂීය තත්ත්වය තවදුරටත් පිරිහෙමින් පවතී. පසුගිය පැය 24 (ජුනි 04) තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, ආධාර බෙදා හැරීමද දැඩි ලෙස අඩාල වී තිබේ.
2023 ඔක්තෝම්බර් මාසයේ ගැටුම ආරම්භ වූ දා සිට ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටින UNSC යෝජනාවක් එක්සත් ජනපදය විසින් නිෂේධ බලය භාවිතා කර ප්‍රතික්ෂේප කළ පස්වන අවස්ථාව ලෙස මෙය සනිටුහන් කරයි. නැවත නැවතත් නිෂේධ බලය භාවිතා කිරීම හේතුවෙන් එක්සත් ජනපදය රාජ්‍ය තාන්ත්‍රික හුදකලාව වැඩි වී ඇති අතර, මානුෂීය අර්බුදය විසඳීම සඳහා වන ජාත්‍යන්තර උත්සාහයන්ට එය බාධා කරන බවට විචාරකයින් චෝදනා කරති.
මෙම ම්ලේච්ඡත්වය පරාජය කිරීම සඳහා එක්විය යුතුය...
(විදේස මාධ්‍ය වාර්තා ඇසුරෙනි)