SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වෙසක් පොහෝ දින ජනපති පොදු සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම් පිළිබඳව හා

ඒ පිළිබඳව මාධ්‍ය හා සමාජ මධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධව බන්දනාගාර කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

 

 

අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්.එමි. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගර ගත කර ඇත්තේ ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංගනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මඟින් නියමකර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර ඇත.

 

2025.05.12වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025.05.05 දින වන විට බන්ධනාගාරගතව සිටින රැදවියන් සදහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසි වලට යටත්වය.

 

ඒ අනුව මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් රිමාන්ඩ් වී ඇත. මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කල බවට ලද නියෝගය අනූව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදා හැරිණි.

 

මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණි.

 

ගාමිණී බී. දිසානායක
බන්දනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

 

 

මෙම සිදුවීම පිළිබඳව සමහර මාධ්‍ය සඳහන් කර ඇත්තේ මෙවැනි සමාව දීම් සඳහා ලැයිස්තු සකස් කරන්නේ අධිකරණ අමාත්‍යාංශය විසින් බවත් ජනාධිපතිවරයා කරන්නේ එම ලැයිස්තු වලට අත්සන් කිරීම පමණක් බවය. 

 

පහත පළවෙන්නේ ශ්‍රී ලංකා බ්‍රීෆ් සටහනකි.

 

 

මූල්‍ය වංචාවක වරදකරුට ජනපති සමාවෙන් නිදහස!

 

අනුරාධපුර බන්ධනාගාරයෙන් මූල්‍ය වංචාවකට වරදකරු වූ පුද්ගලයෙකු වෙසක් පෝය දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව මහත් අපහසුතාවයකට පත්ව තිබේ. 

 

 

මෙවැනි සමාව දීම් සඳහා ලැයිස්තු සකස් කරන්නේ අධිකරණ අමාත්‍යාංශය විසිනි. ජනාධිපතිවරයා කරන්නේ එම ලැයිස්තු වලට අත්සන් කිරීමය. 

 

 

පාර්ලිමෙන්තුවෙහි විපක්ෂයට ප්‍රහාර එල්ල කිරීමෙහි සමතකු වන අධිකරණ ඇමති නනායක්කාර මෙමගින් මහත් අපහාසයකට  මුහුණ දෙනු නියතය.

 

 

බන්ධනාගාර නිලධාරීන් විසින් මහාධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව, ජනාධිපති සමාවක් ලබා දීමෙන් පසු  එම වරදකරු ආගමික නිවාඩු දිනයේදී නිදහස් කර ඇත.

 


මෙම නිල දැනුම්දීම සැලකිල්ලට ගනිමින්, මහාධිකරණ විනිසුරුවරයා 2018 අංක HC/69/2018 නඩුවෙන් වරදකරු නිදහස් කරන ලෙස නියෝග කර තිබේ.


නඩුවේ චෝදනා  2014 පෙබරවාරි 17 සිට ජුනි 9 දක්වා කාලය තුළ අනුරාධපුරයේදී සිදු කරන ලද මූල්‍ය වංචාවකට සම්බන්ධ වන අතර, එහිදී අරුන් ඉන්දික සෝමරත්න නම් පුද්ගලයෙකු විසින් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම සඳහා  ඔහුට භාර දුන් හෝ ඔහුගේ පාලනය යටතේ තබා ඇති රුපියල් මිලියන 4 ක් අයථා ලෙස පරිහරණය කරන ලදී. විශ්වාසය කඩ කරමින් අරමුදල් අනිසි ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල විය.

 

නීතිපතිවරයා විසින් හිටපු මූල්‍ය ආයතන කළමනාකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ චෝදනා ගොනු කරන ලද අතර, ඔහු වැරදිකරු විය. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) මෙම නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබුණි.

 

ජනාධිපති සමාව ලබා දුන් පුද්ගලයා වන ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙනම නඩු 20 කට අධික සංඛ්‍යාවකට මුහුණ දී සිටින අතර මහාධිකරණයේ විභාග වෙමින් පවතින තවත් නඩු කිහිපයක් ද ඊට ඇතුළත් ය. මෙම නඩු සියල්ලම මූල්‍ය වංචාවලට සම්බන්ධ බව කියනු ලැබේ.

 

සැලකිය යුතු ලෙස, මෙම නඩු වල පැමිණිලිකරුවන් අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන්ම වෛද්‍යවරුන්, නීතිඥයින් සහ ව්‍යාපාරිකයින් ද ඇතුළත් වේ.


තවත් මූල්‍ය වංචා නඩුවකට වරදකරු වීමෙන් පසු තිලකරත්න මීට පෙර සිර දඬුවමක් විඳි බව ද වාර්තා වී ඇත.


මෑත කාලීන අධිකරණ නඩු විභාගයේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේන් ද සිල්වා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර, තිලකරත්න වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි පෙනී සිටියේය.

 

මේ විශමාචාරය විපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී අජිත් පී පෙරේරා විසින් හෙළිදරව් කර තිබේ. ජාතික ජන බලවේගය පෙනී සිටියේ මෙවැනි ජනාධිපති සමාවදීම් වලට විරුද්ධවය.  මේ වනාහී විධායක ජනාධිපති ධූරය සතු බලය අනිසි ලෙස භාවිත කිරීමකි.

@srilankabrief

 

නවතම ලිපි