SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ මහ නගර සභාව සඳහා විපක්ෂයේ පොදු එකඟත්වයෙන්

සමගි ජනබලවේගයෙන් නගරාධිපති ධුරය සඳහා සභිකයෙකු ඉදිරිපත් කරන බවත්, එමෙන්ම එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට එකඟත්වයකට පැමිණි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසීය.

 

 

මාධ්‍ය වෙත නලීන් බණ්ඩාර මෙලෙස අදහස් දක්වා සිටියේය.

 

කොමසාරිස්වරු විසින් පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයකට පැමිණිලා සභිකයන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරු, නගරාධිපතිවරු පත් කරන්න නියමිතයි. ඉතින් අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයත්, සමගි ජන බලවේගයට සහය දෙන පක්ෂත් පොදුවේ විපක්ෂයේ පක්ෂ එකතු වෙලා පළාත් පාලන ආයතන බහුතරයක බලය ලබා ගන්න කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

 

විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව ගැන කතා කරද්දි කොළඹ මහ නගර සභාවේ බලය කොටවත් හිමි වුණේ නෑ. බහුතරය තියෙන්නේ විපක්ෂයට. ඒ බහුතරයට ස්වාධීන කණ්ඩායම් ගණනාවකුත් ඇතුළත් ත්වෙලා තිබෙනවා. ආණ්ඩුව විශාල උත්සාහයක් දරමින් ඉන්නවා නොයෙක් වරදාන වරප්‍රසාද වලට කේවල් කරන්න. ඉතින් අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා බහුතරයක් සහිතව සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් කොළඹට පත්කරග ගන්න පුළුවන් වෙයි කියලා. නගරාධිපතිවරයා අපි ඉදිරියේදී නම් කරනවා.

 

තව දවස් දෙකක් තුනක් ඇතුළත කණ්ඩායම රැස් කරනවා. ඒ වගේම අපිට සහයෝගය දෙන මන්ත‍්‍රීවරුත් රැස් කරලා පොදු එකඟතාවයෙන් වැඩි කැමැත්තක් තියෙන මේ වැඩේ කරන්න පුළුවන් නගරාධිපතිවරයෙක් අපේ පාර්ශ්වයෙන් නම් කරනවා.

 

එක්සත් ජාතික පක්ෂය බොහොම පැහැදිලිව සහයෝගය දෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නියෝජ්‍ය නගරාධිපති තනතුර.

 

ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔවුන් තමයි දෙවැනියට වැඩිම විපක්ෂයේ මන්ත්‍රී ධුර ලබාගෙන තිබෙන පක්ෂය. ඒ නිසා අපි නියෝජ්‍ය නගරාධිපති තනතුර ඔවුන්ට ලබා දෙන්න එකඟ වෙලා තිබෙනවා.

 

@ දිනේෂ් සමර කෝන්

නවතම ලිපි