පළාත් පාලන ආයතනවල සභික ධුර කාලය ආරම්භ වන දිනය තවත් සතියකින්
දීර්ඝ කිරීමට රජය සාකච්ඡා කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
සභික ධුර කාලය හෙට (02දා) සිට ආරම්භ කරන බව ඉකුත් පෙබරවාරි මස රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.
මංගල සභාවාරය ආරම්භ වන දිනය පිළිබඳව ඊට දින හතකට පෙර ආයතනවල සභා ලේකම්වරු විසින් ලිඛිතව නවක සභිකයන්ට දැනුම්දිය යුතු වුවත් සභික ගැසට් නිවේදන මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාව ට ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වීම නිසා පළාත් පාලන ආයතන නීතිමය ගැටලුවකට මුහුණපා සිටිති.
මේ හේතුව නිසා සභික ගැසට් නිවේදනය අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමටත් ලබන සතියේ මංගල සභාවාරය පැවැත්වීමටත් මේ වනවිට අවධානය යොමු වී ඇත.
කෙසේ වෙතත් දිනය දීර්ඝ කිරීමේ යෝජනාව අද දිනය තුළ නිකුත් කළ යුතු වෙයි.
නීතිමය ගැටලු ඇති නොවූ ආයතන බොහෝ දුරට හෙට (02දා) දිනයේ සිය මංගල සභාවාර පැවැත්වීමට නියමිතය.
@රනිල් ධර්මසේන