NB.1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් -19 ප්‍රභේදය රෝගීන් ගෝලීය වශයෙන් නැවත ඉහළ නංවමින් සිටින බව
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
මහාචාර්යවරයා සඳහන් කරන්නේ, ඔමික්‍රොන් හි උප පරම්පරාවක් වන මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කර ඇති බවයි.
නව ප්‍රභේදය මුල් වරට හඳුනා ගනු ලැබුවේ 2025 වසරේ ජනවාරි මාසයේදී ය.
එදින සිට මෙම ප්‍රභේදය රටවල් ගණනාවකින් හඳුනා ගැනුණු බවද මහාචාර්යවරයා සඳහන් කරයි.
මේ තත්වය යටතේ ජනතාව හැකි සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ විධි අනුගමනය කිරීම නුවණට හුරු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පැවසීය.