ඉන්දියාව, ජපානය පසු කරමින් ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වාර්තා අනුව, ඉන්දීය ආර්ථිකය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4කි.
NITI Aayog ප්‍රධාන විධායක නිලධාරී BVR සුබ්‍රමනියම් පැවසුවේ ඉදිරි වසර 2.5 සිට 3 දක්වා කාලය තුළ ඉන්දියාව තුන්වන ස්ථානයේ සිටින ජර්මනිය අභිබවා යාමට ද සූදානම් බවයි.
කර්මාන්තකරුවෙකු වන ආනන්ද් මහින්ද්‍රා Xහි සටහනක පවසන්නේ,
"එය සුළුපටු ජයග්‍රහණයක් නොවේ," යනුවෙනි.
ඒ අනුව ඉදිරි දෙවසරක කාලය තුළ ඉන්දියාව ලොව වඩාත් වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයට හිමි රට බවට පත්වනු ඇතැයි IMF ඉඟි පලකරති.
එසේම වසර 3ක් වැනි කාලයක් තුළ ඉන්දියාව ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනිය ද පසුකර යනු ඇතැයි අපේක්ෂිත බව ඔවුන් පවසයි.