මේ තරඟයට මූල්‍ය අනුග්‍රහය දක්වන පිරිමි,
මා තුළ මම ගණිකාවක් වැනි හැගීමක් ඇති කළා..!"
රූ රැජිණ තරඟයෙන් එන්ගලන්ත තරඟකාරිය ඉවත් වෙයි.
ඉන්දියාවේ තෙලන්ගනා හී පැවැත්වෙන 72 වන ලෝක රූ රැජිණ තරගාවලියෙන් ඉවත් වීමට ඊට සහභාගී වී සිටින එන්ගලන්ත අපේක්ෂිකාව තීරණය කර තිබේ.
ඇය මෙම තරගාවලියෙන් ඉවත් වන්නේ, එහි සංවිධායකයන්, තරගකාරියන් සූරාකෑමත්, ඔවුන් දෙස මානුෂීයව බැලීමට ඔවුන් අපොහොසත් වීමත් හේතුවෙනි.
ලෝක රූ රැජින තරගාවලියට මූල්‍ය අනුග්‍රහය දක්වන පිරිමින් පිනවීමට සිදුවීම ඈ උපමා කොට තිබුණේ ප්‍රදර්ශනයට තැබූ වදුරන්ගේ ඉරණමට තරගකාරියන්ගේ ඉරණම සමාන කරමිනි.
සෑම විටම රූපලාවන්‍ය තවරාගෙන සිටීමට සිදු වීමද ඈ හෙලා දැක තිබුණි.
ඇය වඩාත්ම අපහසුතාවයට පත් කර තිබුණේ තරඟකාරියන් දෙදෙනා බැගින් පිරිමින් හය දෙනෙකුගෙන් යුතු මේස වල වාඩි වීමට සලස්වා තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහයයි.
මෙම පිරිමි, තරගාවලිය සදහා මූල්‍ය අනුග්‍රහය දක්වන අය වූ අතර සංවිධාකයක් තරගකාරියන්ට පවසා තිබුණේ, ඔවුන් ලබා දෙන මූල්‍ය අනුග්‍රහය වෙනුවෙන් ඔවුන් පිනවීමට කටයුතු කරන ලෙසයි.
මෙම අවස්ථාවේ දී තමන්ට තමන් ගණිකාවක් බදු හැගීමක් ඇති වූ බව ඈ පවසයි.
ඇය යම් කිසි විරෝධයක් දක්වා තිබුනද, ඇගේ හඩට ඉඩක් නැති බව තහවුරු විමද, මෙසේ තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණයට හේතු වී තිබේ.
ලෝකයේ ඇති සියළුම කිරුළු හිස පැළදුවක්, අවශ්‍ය තැන හඬ අවදි කිරීමට ඇති හැකියාවට එය සමකළ නොහැකි බව ඈ පවසා තිබේ.