SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාස මට්ටමින් නොවන ලැයිස්තුවෙන් තේරී පත්කරන සභිකයින් පිළිබඳ තොරතුරු ලබාදීම දේශපාලන පක්ෂ හා

ස්වාධීන කණ්ඩායම් පමා කිරීම හේතුවෙන් එම සභිකයන්ට ජුනි 02 වැනිදා පැවැත්වීමට නියමිත එම ආයතනවල බලය පිහිටුවීමේ මහ සභාවලට සහභාගි වීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි වාර්තාවේ.

 



 එම තත්වයට හේතු වී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන සභිකයින්ට පමණක් එම සභාවල බලය පිහිටුවීමේ මහ සභා රැස්වීම් වලට සහභාගි වීමට අවසර හිමිවීමයි.



''ඒවා තිබෙන නම් ගැසට් කරනවා - ගැසට් නොවන සභිකයින්ට සභාවට යන්න බෑ''

 

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ පළාත් පාලන ආයතන 178 ක බලය පිහිටුවීම සඳහා පැහැදිලි ජයග්‍රහණයක් කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හිමි වී නැති බවයි.

 



ඒ නිසා එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජුනි 02 වැනිදා පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහ සභා රැස්වීම් පැවැත්වෙන බවත්, ඒ සඳහා සහභාගි විය හැක්කේ මැතිවරණ කොමිසම ඊට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන සභිකයන්ට පමණක් බවත් ඔහු පවසයි.

 



පළාත් පාලන ආයතන වල කාලය ජුනි 02 වැනිදා ආරම්භ වන බව මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.


යම් පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතර බලයක් ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමේ මහ සභා රැස්වීම් සඳහා මෙම තත්වය බල නොපාන අතර එම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් නම්කර ඇති නගරාධිපතිවරුන් හා සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම් පැවැත්වේ.

 

 


ලැයිස්තු වලින් තෝරා පත්කරන සභික තොරතුරු ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම මැයි 15 වැනිදා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දීම් කර ඇතත්, මැයි 22 වැනිදා වන විටත් සමහර දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් එම තොරතුරු ලබාදී නැතැයි කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

 



එහෙත් මැතිවරණ කොමිසම සතුව පවතින කොට්ඨාස ජයග්‍රාහකයන් සියයට 60කගේ නම් හා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලැයිස්තුවලින් තෝරා පත්කිරීමට එවා ඇති නම් මැයි 23 වන සිකුරාදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවද ඔහු පැවසීය.



ඒ සඳහා හේතුව වශයෙන් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ සභා කැඳවීමට සතියකට පෙරවත් සභිකයන්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත්වී තිබිය යුතු වීමයි. එහෙත් ඊට අදාළ ගැසට්‌ පත්‍ර ඒවායේ නම් පරීක්ෂා කර ප්‍රායෝගිකව ප්‍රකාශ විය හැක්කේ මැයි 26න් ඇරඹෙන සතියේදී බව ඔහු වැඩිදුරටත් පැවසීය.



@ ලසන්ත රුහුණගේ

Anidda

නවතම ලිපි