විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ඊළඟ වාරික අරමුදල් අනුමත කිරීම සඳහා වන
විධායක මණ්ඩල රැස්වීමේ කාලය, විදුලි ගාස්තු ගැලපීම් ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ කැපවීම් ඉටු කිරීමට රජයට ඇති හැකියාව මත රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.
"සමාලෝචනය සම්පූර්ණ කිරීම විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන අතර ඉදිරි සති කිහිපය තුළ මණ්ඩල රැස්වීම සිදුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු,"
IMF ප්‍රකාශිකා ජූලි කොසැක් බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
සමාලෝචනයේ ප්‍රමාදයක් සිදුවී ඇත්ද සහ එය විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීමට සම්බන්ධ ද යන ප්‍රශ්නයට කොසැක් පිළිතුරු දෙමින් සිකියා සිටියේ සමාලෝචනය ඉදිරියට යාමට පෙර සපුරාලිය යුතු තීරණාත්මක කොන්දේසි දෙකක් ඇති බවයි.
“පළමුවැන්න පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමයි. ප්‍රධාන පූර්ව ක්‍රියාමාර්ග වන්නේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම, පිරිවැය අයකර ගැනීමේ මිලකරණය සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැලපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමයි.
දෙවන ක්‍රියාමාර්ගය වන්නේ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීමයි. එය බහුපාර්ශ්වික හවුල්කරුවන්, ශ්‍රී ලංකාවට කැපවූ මූල්‍ය දායකත්වයන් තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න කෙරෙහි අවධානය යොමු කරනු ඇත, ”
ඇය පැහැදිලි කළාය.
ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩලය අප්‍රේල් 25 වන දින වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබුණි.
IMF විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍යකරණයක් ලබා ගැනීමට ඉන් අවස්ථාව ලැබෙනු ඇති බව පැවසේ.