SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලකව   

ජනාධිපති  අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබේ.

 

 

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) මහාචාර්ය කරුණාතිලක වෙත නිල පත්වීමේ ලිපිය භාර දෙන ලදී.

 

 

මහාචාර්ය අයි.එම්. කරුණාතිලක ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ පළමු මහාචාර්යවරයා වීමේ ගෞරවය හිමිකර ගත් අයෙකි. ඔහු 2000 ජුනි මාසයේ සිට විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

 


ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ඩන්ඩි විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ඇකඩමියෙන් සහ එඩින්බරෝහි රාජකීය වෛද්‍ය විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යත්ව ද ලබා ඇත.

 

 

නවතම ලිපි