SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ වාරිකය නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින්

සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් එම අරමුදල සිහිපත් කර තිබේ.

 

 

ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පවසන්නේ පිරිවැය ආවරණය වන විදුලි මිලකරණය නැවත ස්ථාපිත කිරීමත් ස්වයංක්‍රීය විදුලි මිල ගැළපූම් යාන්ත්‍රණය නිසි ක්‍රියාකාරීත්වය සහතික කිරීමටත් ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

 

 

මාලිමා ආණ්ඩුව බලයට පත්වන්නට පෙර ඔවුන් බලයට පත්වූ සැනින් විදුලිය ගාස්තු අඩුකරන බව පැවසූ අතර බලයට පත්ව මාස තුනක් ඉක්ම ගිය පසු ඊළඟ මැතිවරණය ඉලක්ක කරගනිමින් විදුලිය පොරොන්දු වූවායට වඩා අඩු අගයකින් මිළ පහත හෙළා තිබුණි.

 

මේ පිළීබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය විරෝධය පළකර තිබූ අතර සිව්වැනි වාරිකය ලබාගැනීමට නම් යළිත් විදුලි බිල ඉහල නැංවිය යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.

 

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිවුවැනි සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පසුගිය අප්‍රේල් 25 වැනි දින පැමිණ ඇත.

 

ඒ අනුව මෙම කාරණා සම්පූර්ණ කල පසු ඊට අදාළ විධායක මණ්ඩලය අනුමැතිය හිමිවනු ඇති බවත් අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පැවසුවාය.

 

මේ අතර  විදුලිය, ඉන්ධන පාඩු ලබන විට මිල වැඩිකිරීම ආර්ථිකයට කළහැකි හොඳම දේ බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

 

 

ලංකා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විට එහි බර බදු ගෙවන්නන් මත පැටවිය යුතු නැති බවත් විදුලිය හා ඉන්ධන භාවිත කරන්නන් ඒ සඳහා සුදුසු පිරිවැයට සරිලන මිලක් ගෙවීම ආර්ථිකයට වඩාත් හොදම දෙය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

 

පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබුවහොත් එම පාඩු මග හරවා ගැනීම සඳහා බදු ගෙවන්නාගේ මුදලින් සහන ලබාදීමට රජයට සිදුවන බවත් එවිට සහන ලබාදීමට වැයවෙන මුදල් නැවතලබා ගැනීමට ජනතාවට නව බදු පැනවීමට රජයට සිදුවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටී.

 

පිරිවැය ආවරණය වන මිලකරණයක් ක්‍රිත්මක කිරීමේ මූල ධර්මයට රටක් වශයෙන් ශ්‍රී ලංකාව එකඟ වූයේ පසුගිය වසරේ බවත් වර්තමාන විදුලිය ගාස්තුවෙන් පිරිවැය ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන බවත් මහබැංකු අධිපතිවරයා එහිදී  පැවැසුවේය.

 

පිරිවැයට සරිලන ආකාරයට යම් සංශෝධනයක් කළ යුතු බව දෙපාර්ශවය එකඟතාව පළකර තිබෙන බවත් පිරිවැයට සරිලන මිල තරණයක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු කියයි.

 

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කර තිබේ.

 

නවතම ලිපි