SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බිය ගැන්වීම යළි ඇරඹෙයිද?

ජන අරගල සන්ධානයේ නායකයකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වා අද දින (22) සිය මුහුණු පොතේ පොලීසියේ අනීතික ක්‍රියාවක් පිළිබඳව සටහනක් ලියා තිබේ.

 

 

ඒ මෙසේය

 

“ජන අරගල සන්ධානයෙන් ජයන්ති පුර කොට්ඨාශය⁣ට තරග කළ උපාලි සහෝදරයාගේ නිවසට පිට පිය තුන් වතාවටත් සිවිල් ඇඳුමෙන් පැමිණි  පොලිස් නිළධාරීන් එම නිවසේ සහ ඉඩමේ කසිප්පු සඟවා තිබේ යැයි පවසමින් සෝදිසි කරල තියෙනවා.පසුගිය අප්‍රේල් මස 07 වන දිනත් මෙලෙසම (මැතිවරණය පැවැති මෙහොතේ )මෙම නිවසට පැමිණි මින්නේරිය පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් පිරිසක් මෙලෙසින්ම මෙම නිවස හා ඉඩම සෝදිසි කිරීමට එරෙහිව මම උතුරු මැද පලාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොළොන්නරුව මැතිවරණ අපේක්ෂක හමුවේදී පැමිණිල්ලක් කරනු ලැබුවා.

 

එමෙන්ම මින්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ පොලීසියෙන් මේ වැරැද්ද සිදුව ඇති බව නිහතමානීව පිළිගනු ලැබුවා.නැවත මෙවැන්නක් නොවන බවට වග බලා ගන්නා බවද ඔහු පැවසුවා.

 

නමුත් ඊයේ(21) පස්වරුවේ නැවතත් යතුරු පැදි දෙකකින් පැමිණි පොලිස් නිළධාරීන් මෙම නිවස හා ඉඩම සෝදිසි කිරීමට පටන් ගෙන තිබුණා.උපාලි සහෝදරයා යනු මේ මොහොත වන විටත් ජයන්තිපුර සමගි බෙඳුම් ඇල ගොවි සංවිධානයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරනවා.

 

ඔහු කිසිදාක මෙවැනි නීති විරෝධී මත්පැන් ජාවාරම් වලට සම්බන්ධ වූ අයෙක් නොවේ.අඩුම තරමේ මත්පැන් පානය කරන අයෙකුවත් නොවෙයි.

 

නිවසේ අයවළුන් මොවුන් වීඩියෝ කිරීමට සුදානම් වූ මොහොතේ මොවුන් කලබල වී පලා යාමට උත්සාහ දරනවා.

 

මෙය ඉතා පැහැදිලි ලෙසම පොලීසිය යොදා කරන දේශපාලන පළිගැනීමක්. අද මම පොළොන්නරුව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා හමුවී මේ පිළිබඳව පැමිණිල්ලක් කරනු ලැබුවා.ඔහු විසින් ඒ මොහොතේම යතුරුපැදි අංකය පිළිබඳව කළ සොයා බැලීමකදී මෙය ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදියක් බව හෙළිදරව් වුනා.

 

මේ සිදුවීම ඊයේ මට දැනගැනීම⁣ට ලැබුණු මොහොතේ මා පොලිස් ස්ථාන වලින් මේ පිරිස ගැන සොයා බැලීමකදී පොළොන්නරුව පොලීසියත් මින්නේරිය පොලීසියත් මා හට දැනුම් දුන්නේ තමන් ගේ පොලීසි වලින් කිසිදු පිරිසක් එවැනි වැටලීමකට ගොස් නැති බවය.

 

එවිට මතුවන බරපතළ ප්‍රශ්ණය වන්නේ මොවුන් ආවේ කොහේ සිටද කුමන පොලීසි වලින්ද මෙවැනි නීති විරෝධී වැඩකට සහභාගි වූයේ කෙසේද යන්නය.

 

මේ පිළිබඳව දැනගත් මම අදාල පොලිසි වලින් මේ පිළිබඳව විමසා විනාඩි පහක් ගත වීමටත් පෙර මා ගමන් කළ යතුරු පැදිය මග හරස් කර නතර කර මා පරීක්ෂා කළ යුතු බව සිවිල් ඇඳුමෙන් සැරසී සිටි දෙදෙනෙකු මා හට දැනුම් දෙන ලදී.එයට හේතුව කුමක්දැයි විමසූ කළ ඔවුන්ගේ පිළිතුර වූයේ තමන්ගේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින් මා සැක කටයුතු පුද්ගලයෙක් බවත් ඒ නිසා මා ගමන් කළ යතුරු පැදිය පසුපස ෆලෝ කරන ලෙස දැනුම් දුන් බවය.

 

සැබැවින්ම ජාතික ආරක්ෂාව මේ මොහොතේ පවතින්නේ බරපතළ අනතුරකය. දිනපතා පාතාලය ක්‍රියාත්මක වී මිනිසුන් මහ මග මරා දමන තත්ත්වයක් නිර්මාණය වී තිබියදී බරපතල අපරාධ වලට සම්බන්ධ වූ කිහිප දෙනෙක්ම මේ මොහොත වන විටත් අත් අඩංගුවට ගත නොහැකිව සිටින තත්වයක් තුළදීත් පොලීසිය යොදවනුයේ අපගේ නිවාස ඉඩම් පරීක්ෂා කිරීමටද.අප ගමන් කරන යතුරු පැදි පිටුපස කණ්ඩායම් ලෙස ඔවුන් ගමන් කරවීමටද ?අප යන එන තැන් ඔත්තු බැලීමටද ?

 

මේ තත්ත්වය පිළිබඳව වත්මන් ආණ්ඩුවත් ආරක්ෂාව බාර ඇමතිවරුත් පොලීසිය බාර ඇමති සුනිල් වටගලලාත් ලැජ්ජා විය යුතුය.”

 

(උපුටනය අවසන්)

 

ඉන්ද්‍රානන්ද සිල්වා යනු රෝහණ විජේවීර සහෝදරයා අත් අඩංගුවට පත් වූ සිට ඝාතනය කළ අවස්ථාව දක්වා ඡායාරූප ගත් ⁣යුද හමුදා පොලීසීයේ ඡායාරූප ශිල්පියාය. පසුව ඉන්ද්‍රනාන්ද සිල්වා  අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරිණි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරිකයෙක් බවට චෝදනා කරමිනි.

 

පසුගිය දිනවල විශ්‍රාමික මේජර් ජනරාල් තෝරදෙණිය විසින් ඉන්ද්‍රානන්ද සිල්වාට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නා ලද්දේ විජේවීර ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරීම⁣ අත් හිටුවමිනි.

 

පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් වූ ඉන්ද්‍රානන්ද සිල්වා සැක කටයුතු පුද්ගලයෙකු ලෙස හඳුන්වමින් ඔහු ⁣යන එන ගමන් පිළිබඳව විමර්ශනය කිරීම⁣ට සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් යෙදවීම අනුමත කළ නොහැකි ක්‍රියාවකි. මෙය ආණ්ඩුව අපහසු තාවට පත් කිරීම සඳහා යම් පොලිස් නිළධාරීන් කණ්ඩායමක් සැළසුම් සහගතව සිදු කරන අනීතික රාජකාරියක්ද යන්න පවා සැක සහිතය.

 

පසුගිය ආණ්ඩුකාලයේ හිටපු පොලිස් පතිවරයා වැලිගම W 15 හෝටලය සම්බන්ධයෙන් සිඳු කළ අයුතු රාජකාරිමය මැදිහත්වීමක් සම්බන්ධයෙන් විත්තිකරුවකු වී උසාවි බඩ ගාද්දී පොළොන්නරුව පොලිස් ඡ්‍යෙෂ්ඨයන් මෙලෙස පොලිස් බලය අනිසි ලෙස යොදවා පුරවැසියන් බිය වැද්දීම හා අපහසුතාවට පත් කිරීම පිළිකුළෙන් හෙළා දැකිය යුතුය.

 

@ලොකු කුමා

srilankabrief

නවතම ලිපි