මෝසම් ස්වභාවයව අනුව ලංකාවේ ලුණු ලේවායන්ට එකවර වැසි නොලැබෙන නමුත්
කාලගුණික වෙනස් වීම් මත අලිමංකඩ, හම්බන්තොට හා පුත්තලම යන ලුණු ලේවාවලට එකවර වැසි වැටීම නිසා ලුණු නිෂ්පාදනය අනපේක්ෂිත ලෙස පහළ වැටුණේ යැයි කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ (මැයි 19) පැවසීය.
ලුණු ආනයනයට රජයේ තීන්දුවක් ගත්තේ ස්වභාවික සාධක මත සිදු වූ මෙම ප්‍රතිඵලය සේවකයන්ට හෝ ආණ්ඩුවට වෙනස් කළ නොහැකි බැවින් ද ඔහු සඳහන් කළේ ය.
එහිදී ලංකාවේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඉන්දියාවේ ගුජරාටි ප්‍රදේශයේ ලුණු මිල දී ගැනීම් කළ ද ඉන්දියානු පකිස්ථාන යුද්ධය නිසා කුජරාටි වරාය වසා තැබීමෙන් ආනයනය ක්‍රියාවලිය පමා වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
ඔහු සඳහන් කළේ, වෙළඳපොලේ ලුණු හිඟයක් ඇති වූයේ, ලුණු හිඟයක් සම්බන්ධයෙන් සන්නිවේදනය වීම සමග පාරිභෝගිකයන් දෛනික පරිභෝජන සීමාව ඉක්මවා එකවර ලුණු පැකට් මිල දී ගැනීම නිසා බව ය.
කලපුවෙන් වතුර හැටියට ගන්නා ලුණු සාන්ද්‍රණය මාස හතරහමාරක ස්වභාවික ක්‍රියාවලියකින් පසුව සේවකයන් යොදා තවත් මාස තුනක් පිරිපහදු කිරීමකින් පසු පරිභෝජනයට සුදුසු තත්ත්වයට පත්වන්නේ මාස හතහමාරක සම්පූර්ණ කාලයක් ගතවන බව ඔහු පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ලුණු හිඟය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පුත්තලම ලුණු සංස්ථාවට ගොස් කළ නිරීක්ෂණයකින් පසුවය.
#mawbima news