SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මූලික කොන්දේසි ඉදිරි මාසය තුළ ඉටු නොවුණහොත්

ඉදිරි ණය වාරිකය වන ඩොලර් මිලියන 344 ලැබීම තවත් මාස ගණනාවක් පමාවනු ඇතැයි දේශය රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරුගේ  වාර්තාවෙන් පෙන්වා දී ඇත.

 

මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ මූල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව, චීනය සහ ජපානය ද එකඟව කටයුතු කරන බැවින් මූල්‍ය අරමුදලේ නිර්දේශ සමඟ එම රටවල් සහ සංවිධාන ලබාදෙන ආධාර ද දැඩිව බැඳී ඇති බවය යනුවෙන් එම පුවත්පත වැඩිදුරටත් පවසයි.

 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුව චීනය විසින් කොළඹ ඉදිකළ  පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා ලබාදීමට නියමිත බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කොන්දේසියට චීන තානාපති අංශ දැඩි කනස්සල්ල පළ කර තිබේ. බදු සහන ඉවත් කළහොත් මෙරට ඉදිරි චීන ආයෝජන සම්බන්ධයෙන් එරට විසින් දැඩි තීරණයක් ගනු ඇතැයි ද  වාර්තා වේ.

 

 

විදුලි බිල යළී නැංවිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමා වුවහොත් එයද මීළඟ වාරිකයට බලපාන බව පසුගියදා ප්‍රකාශ කෙරුනි.

 

 

ඒ අනුව විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර ඇත.

 

 

ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ, ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි කිරීම සිදු කරන ලෙස වන අතර මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ  මේ යෝජනාව සම්බන්ධයෙන් එළැඹෙන 20 වනදා වන විට මහජන අදහස් විමසීම සිදු කරන බවය.

 

 

මේ හැර පාඩු ලබන රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය කඩිනමින් පියවර ගනු ඇතැයි ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද අපේක්ෂාවෙන් පසුවන බව දැනගන්නට තිබේ.

 

 

වත්මන් ආණ්ඩුව  බලයට පත්වන්නට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවසූ අදහස් කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුවේ සියලුම ක්‍රියාමාර්ග අයිඑම්එෆ් කොන්දේසි සහ නියෝග යටතේ ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති පසුබිමක් තුළ ක්‍රම වෙනසක් තබා  ආණ්ඩු වෙනසක් ද සොයාගැනීමට නොහැකි වී ඇතැයි විචාරක මතය වී ඇත.

 

නවතම ලිපි