ලංකා විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 150ක් ආගිය අතක් නැති බව
රටට හෙටක් නාලිකාවේ දී දේශපාලන විශ්ලේෂක, ඉන්ජිනේරු අශෝක අභයගුණවර්ධන පවසයි.
ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මුවාවී විදුලි ගාස්තුව වැඩිකිරීමේ වෑයමක නිරත වන බව පවසන ඉන්ජිනේරු අශෝක අභයගුණවර්ධන විදුලි බල මණ්ඩලය විසින් ඒ ඒ අවුරුදුවල ගෙවිය යුතු ණය නිවැරදි ලෙස පහුගිය අවුරුදුවල ගෙවා ඇති බවත් පවසයි.
ඊට අමතරව රුපියල් බිලියන 150ක ලාභයකුත් විදුලිබල මණ්ඩලය සතුව තිබූ බවත් මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි බල මණ්ඩලය පාඩුයි කියන්නේ නම් එහි සැබෑ අර්ථය මෙම රුපියල් බිලියන 150ක මුදල අතුරුදහන් වීම බව ඔහු පවසයි.
සම්පූර්ණ හෙළිදරව්ව පහත වීඩියෝවෙන් නරඹන්න.