SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා

ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

 #

ඒ අනුව එම ඡන්ද විමසීම එළැඹෙන ජූනි මස දෙවැනි දා පැවැත්වීමට නියමිතය.

 

ඊට හේතුව වී ඇත්තේ  මෙම ධුර සදහා කිසිම තනි පක්ෂයක් සියයට පනහ ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් නොමැති වීමය.

 

ඒ අනුව මෙම නිලවරණයේදී බහුතරය පෙන්විය හැකි ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයනට නගරාධිපති හා උප නගරාධිපති වීමේ අවස්ථාව ඇත.

 

කොළඹ නගර සභාවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර රහසිගත කතා සහ ගනුදෙනු සිදුවෙමින් පවතින බවට දෙපාර්ශ්වයේම ආරංචිමාර්ග පවසයි.

නවතම ලිපි