මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වෙනත් පක්ෂවලින් සහ
ස්වාධීන කණ්ඩායම් වලින් තරග කළ අය අතර ගමට වැඩක් කළ හොද අයත් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
දේශපාලන පක්ෂ ලෙස නොව තනි තනිව එවන් පුද්ගලයන් සමග බහුතර බලය සකස් කර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවද ඔහු පවසයි.
ඒ අනුව ඔවුන් සමග එක්වී ම ඉදිරියේදී පළාත් පාලන ආයතන තුළ බලය පිහිටුවීමට කටයුතු කරන බව රූපවාහිනී නාලිකාවක් සමග පැවති වැඩ සටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.