පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පකිස්තානය කියා සිටී.
ඉන්දියාව විසින් අද පකිස්තානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කිරීම මත මෙම තත්වය ඇතිව තිබේයැයි වාර්තා වේ.
ඉන්දියාව පාකිස්තානයේ ත්‍රස්ත කල්ලි ඉලක්ක වෙත හමුදා ප්‍රහාර දියත් කළ බව පැවසූ අතර, ඉන්දීය ගුවන් හමුදා ජෙට් යානා පහක් වෙඩි තබා බිම දැමූ බව පාකිස්තානය අද පෙරළා ප්‍රකාශ කරයි. කෙසේ වුවද එමඟින් දෙරට අතර පුළුල් ගැටුමක අද්දරට මේ වනවිට තල්ලු වී තිබේ.
බදාදා අලුයම ඉන්දියාවේ මිසයිල ප්‍රහාර එල්ල වූයේ පාකිස්තානයේ ජනාකීර්ණ පන්ජාබ් පළාතේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයක "ත්‍රස්තවාදී යටිතල පහසුකම්" ඉලක්ක කර ගත් බව සඳහන් විය.
සති දෙකකට පෙර ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සංචාරකයින් 26 දෙනෙකු පාකිස්තානයට සම්බන්ධ යැයි පැවසෙන සටන්කාමීන් විසින් සමූල ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම තත්වය උදා වී තිබේ.
බදාදා එල්ල වූ ප්‍රහාරවලින් කාන්තාවන් සහ අවුරුදු තුනක ගැහැණු ළමයෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 46 දෙනෙකු තුවාල ලැබූ බව පාකිස්තානය පැවසීය. එරට අගමැති ෂෙබාස් ෂරීෆ් මෙම ප්‍රහාර "යුද ක්‍රියාවක්" ලෙස විස්තර කළ අතර එහිදී ඉස්ලාමාබාද් ඊට පළිගැනීමට සපථ කෙරිණි.
පකිස්ථාන හමුදා ආරංචි මාර්ග පසුව පැවසුවේ "ආත්මාරක්ෂාව සඳහා" ඉන්දීය ගුවන් හමුදා ජෙට් යානා පහක් සහ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම දැමූ බවයි. ප්‍රංශයේ නිෂ්පාදිත නවීන බහුකාර්ය ප්‍රහාරක යානා වන රෆේල් ජෙට් යානා තුනක් මෙන්ම මිග්-29 සහ SU-30 ප්‍රහාරක යානයක් ද බිම හෙළන ලද ඒවා අතර වූ බව ඔවුහු පවසති.