SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ

අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ (04) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

 

 

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ තුසිත හල්ඔලුවට එරෙහිව මෙන්ම සමාජ මාධ්‍ය හරහා එම ප්‍රකාශය උපුටාගනිමින් ප්‍රකාශයට පත්කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ටද එරෙහිව පියවර ගන්නා බවය.

 

“ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නම යොදා ගනිමින් සිදු කරන ලද ඉහත ප්‍රකාශය හරහා ඔහුගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බැවින් තුසිත හල්ඔලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ”.

 

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබෙන අතර ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ද ඊට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

මෙවැනි ප්‍රකාශයක් සිදු කළ තුසිත හල්ඔලුවගේ මිතුරන් පවසන්නේ ප්‍රකාශය ඔප්පු කළ හැකි සාක්ෂි හල් ඔලුව සතුව පවතින බැව් ඔහු විසින් අවදාරණය කර ඇති බවය.

 

 

ඒ අනුව ඉදිරි දින කිහිපය නිසි ලෙස විමර්ශනයක් සිදු කිරීමක් කරන්නේ නම් එය වඩාත් වැදගත් වනු ඇති අතර සමාජ මාධ්‍ය සඳහා වැට කඩොලු බැඳීම යනු සිදුකළ නොහැක්කක් වනු ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ද තේරුම් ගත යුතුව තිබෙන්නකි.

 

ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා ද ජනමාධ්‍ය හැඳුනුම්පත් සහිත මාධ්‍යවේදීන්ට පමණක් වෙන්කෙරෙන බව සඳහන් කිරීම නිසා මේ වනවිට විශාල විරෝධයක් මාධ්‍ය ක්ෂේත්‍රය තුලින් පැන නැගී ඇති අතර ජනාධිපති මාධ්‍ය ඒකකය එහි දෙවන අධියර සූදානම් කිරීමේ නිරතව සිටින බව මාධ්‍ය ක්‍රියාකාරිකයින් පවසයි.

 

නවතම ලිපි