SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ ගෙවෙන මොහොත තුළ ශක්තිමත් හෝ දුර්වල වන ව්‍යූගත-දක්ශිණාංශයක් (Structured Right-wing) ලක්දේශයේ කොහෙවත් නොමැත.

පවතින්නේ ගෝලීය-බල-ව්‍යුහය වල වෘජු හෝ ව‍ක්‍ර බලපෑම නිසා උපායිකව කැබලි වලට කඩා දැමූණු දක්ෂිණාංශික කැබලිති රොත්තකි.

 

 

එබැවින්, සමස්ත දක්ෂිණාංශය ලෙසින් බොරුවට පෙනී සිටිමින් තැන් තැන් වල පවතින  දක්ෂිණාංශික නශ්ඨාවශේෂයන් “සැබෑ දක්ෂිනාංශය” යැයි නාමකරණය කිරීමට යෑමෙන් කිසිදු ඵලක් වන්නේ නැත. මන්ද, එය මුළුමනින් ම විෂය-විරෝධී භාවිතයක් වන නිසා ය. ඒනම්, හුදු මවාපෑමක් පමණක් ම වන නිසා ය. 

 

ඒ නිසා, දැන් කරන්නට සිදුවී තිබෙන්නේ, අවම තරමින් දක්ෂිණාංශයක් බවට මුළ හිටං ම සංවිධානයක් ගොඩනගා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ අසීරු සහ සංකීර්ණ ධනේෂ්වාරවාදී දක්ෂිණාංශිකමය කතාබහක් ඇති කරගැනීම යි. එය  එක්තරා විදිහකින් බැලූ කල, බලන්නාට කියන්නට සිදුව ඇත්තේ,  දක්ෂිණාංශික දේශපාලයේ දී  විහින් වලේ වැටුන අවසථාවාදීන් ද, මෙතෙක් තමන් දක්ෂිණාංශිකයින් යැයි කියාගත් පාවාදෙන්නන් ද, ඒ පාවාදීමට ම ගොදුරු වූ තවත් වෙනත් ආකාරයකින් දක්ෂිණාංශය නියෝජනය කළා හෝ අවභාවිතයේ යෙද වූ අවස්ථාවාදීන් ද සහිත “විසිරී ගිය සමස්තයකට” (Scattered Totrality) අයත් පිරිසක් පිළිබඳ දුක හිතෙන සහ ඇ‌ඬෙන කතාවකි.

 

මෙහිදී, “නව දක්ෂිණාංශයක් ගොඩනංවාගැනීම” නැමති දෘෂ්ටිකෝණයෙන් බැලූ කල, ඒ යොමුව අනුසාරව දක්ශිණාංශයක් අවංකව ගොඩනංවන්නට අපේක්ෂා කරන උදවිය රට තුළ වෙත් නම්, අද ඔවුන්ට හමුවන්නේ ද ලොව ඕනෑ ම ප්‍රාථමික සංවිධානමය තලයක් ගොඩනගාගැනීමට යොදාගන්නා ‍ආකාරයේ වාද-විෂයික සංදර්භයකි.

 

එයනම්,  *“දක්ෂිනාංශයක් යනු කුමක්ද?” නැමති වාද-විෂයික-සන්දර්භය යි.

පටන්ගැනීමට සිදුව ඇත්තේ එතැන් සිට ය.

 

@ අරවින්ද හෙට්ටිආරච්චි