SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කරමින් එල්ල වූ පෙහෙලෙගාම් ත‍්‍රස්ත ප්‍රහාරයෙන් පසු

ඉන්දියාව විසින් පකිස්ථාන ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන ඇත.

 

 

පාකිස්ථානයද ඉන්දීය ගුවන් යානා සඳහා අප්‍රේල් 24 වැනිදා සිට තම ගුවන් කලාපය වසා දමා තිබේ.

 

කාශ්මීර ප්‍රහාරය මුල් කරමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගත වූ අර්බුදය මැද ඉන්දීය ගුවන් යානාවලට සිය ගුවන් සීමාව වසා දැමීමට පාකිස්තානය පියවර ගැනීමෙන් මාසිකව රුපියල් කෝටි 307ක අතිරේක වියදමක් දැරීමට ඉන්දියාවට සිදුවනු ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

 

 

පාකිස්තාන ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් ඉන්දීය ගුවන්යානාවලට සිය ගමනාන්ත සඳහා විකල්ප භාවිත කිරීමට සිදුවීමෙන් ගුවන් කාලය දීර්ඝ වනු ඇතැයි ද, ගුවන් ඉන්ධන භාවිතය ඉහළ යනු ඇතැයි ද හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

 

මේ තත්ත්වය මත ජාත්‍යන්තර ගුවන් යානා සඳහා ඉන්දියාවට රුපියල් කෝටි 77ක අතිරේක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කරයි.

 

 

පාකිස්තානය විසින් ඉන්දිය ගුවන් යානාවලට සිය ගුවන් සීමාව වසා දැමීමෙන් නවදිල්ලි නුවර සිට උතුරු ඉන්දියාව බලා විකල්ප මාර්ග ඔස්සේ පියාසර කරන ගුවන්යානාවලට පැය එකහමාරක අතිරේක කාලයක් වැය වේ.

 

උතුරු අමෙරිකාව බලා පියාසර කරන ඉන්දීය ගුවන්යානාවලට සාමාන්‍යයෙන් ගත වන පැය 16ක කාලය ද පැය එකහමාරකින් පමණ දීර්ඝ වනු ඇත. ඒ අනුව පැය එකහමාරක අතිරේක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 29ක් වැය වන බව ඉන්දීය ගුවන් සේවා නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.

 

ඉන්දියාව සහ පකිස්තානය අතර පවතින මෙම යුධමය ආතතිය මේ වනවිට අසල්වැසි රටවල් කෙරෙහි ද බලපෑම වැඩිදියුණු කෙරෙමින් පවතී.

 

නවතම ලිපි