SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හර්ෂ ට පිළිතුරක්!

 

 

කොළඹ වරාය නගරයේ පරිපාලන ව්‍යූහය තුළ සිදුව ඇතැයි කියන අනීතික

පත්කිරීමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය හරහා දැඩි ආන්දෝලනයක් ඇති විය. විශේෂයෙන්ම, මෙම අර්බුදය හමුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ඊට මැදිහත් නොවී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේද යන්න බොහෝ මාධ්‍යවල ප්‍රශ්න කිරීමට ලක්විය. වරාය නගර කොමිසමේ සභාපතිවරයා සහ COPF සභාපතිවරයා එකම පාසලේ පන්ති සගයින් වීම නිසා මෙම ප්‍රශ්නය මගහැර යා හැකි බවට ද බරපතල චෝදනා එල්ල විය.

 

 

 

එහෙත්, අප වෙත ලැබුණු නවතම ආරංචි මාර්ග තහවුරු කරන්නේ, වරාය නගරයේ සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරියට එළැඹෙන සතියේදී COPF කමිටුව ඉදිරියේ පෙනී සිටීමට දැනුම් දී ඇති බවයි.

මේ අතර, 'හරි දේශය' වෙබ් අඩවිය විසින් ඊයේ පළ කළ ලිපියක් අරභයා ප්‍රතිචාර දක්වමින් COPF සභාපති හර්ෂ ද සිල්වා මහතා සිය නිල ස්ථාවරය පැහැදිලි කරමින් සටහනක් යොමු කර තිබුණි.

 

 

එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ විචාරාත්මක කියවීමකට යාමට පෙර, සභාපතිවරයාගේ මුල් ප්‍රකාශය එලෙසින්ම උපුටා දැක්වීම යුක්ති සහගතය.

 

"As Chairman of the COPF I reject the accusation that our committee has acted in any way to justify an inappropriate appointment to the Port City Commission as its head of legal operations. While it is not within the scope of our committee to examine the staff recruitment process of the PCC, which is entirely their responsibility, it is certainly within the scope of the COPF, the examination of procedures on how various fiscal incentives are proposed and approved for investments in the jurisdiction as such incentives have a direct bearing on public finance.

A recent matter of concern was how certain real estate companies were advertising various incentives to purchase apartments inside the Port City without first obtaining parliamentary approval for same. After the committee raised objections the PCC halted the said companies from advertising until approval was granted. Another matter, perhaps two years ago, was the committee’s refusal to accept a gazette issued by the PCC declaring a list of items that could be purchased duty free, once again without parliamentary approval. A long debate that ensued with regard to the powers of the PCC finally resulted in the said gazette being rescinded and the exit of its then head of legal operations. There have been other instances where the COPF had made observations that led to amending regulations.

All the above were matters related to public finance. Therefore, while the COPF has no control on who should head legal affairs at the PCC, our committee expects persons with requisite knowledge and experience are placed at responsible positions so that matters related to public finance are handled appropriately.

In any case the PCC is expected to be present at our committee’s hearings in the next couple of weeks and our members will have the opportunity to clarify any concerns regarding this matter during the session. I thank you on behalf of the COPF."

- Harsha de Silva, Chairman, COPF.

 

 

COPF කමිටුවේ වගවීම අනිවාර්ය වන්නේ ඇයි?

 

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ඉහත ප්‍රකාශය අපි අවධානයෙන් යුතුව කියවා බැලුවෙමු. වරාය නගරය වෙනම රාජ්‍යයක් නොවන බවත්, එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය ආධිපත්‍යයට (148 වැනි ව්‍යවස්ථාවට) යටත් බවත් තහවුරු කරමින් COPF විසින් මීට පෙර ගනු ලැබූ ක්‍රියාමාර්ග (අනවසර දේපළ වෙළඳාම් දැන්වීම් නැවැත්වීම ආදිය) අපි බෙහෙවින් අගය කරමු. එසේම, කොමිසමේ අභ්‍යන්තර මානව සම්පත් බඳවා ගැනීමේ ක්‍රියාවලියට සෘජුව මැදිහත් වීම සිය ව්‍යවස්ථාපිත විෂය පථයට අයත් නොවන බවට ඔහු කරන අවධාරණය නෛතිකව නිවැරදිය.

 

 

එහෙත්, සභාපතිවරයාගේ එම තර්කය මතම පදනම්ව අප පෙන්වා දෙන්නේ, වර්තමාන නීති අංශයේ අර්බුදය හුදු 'අභ්‍යන්තර පරිපාලන ගැටලුවක්' ලෙස පමණක් ලඝු කොට COPF කමිටුවට අත පිසදා ගත නොහැකි බවයි. ඒ සඳහා බලපාන ප්‍රබල නෛතික සහ පරිපාලනමය හේතු කිහිපයක් පහතින් විග්‍රහ කළ හැක.

 

 

පූර්වාදර්ශයේ පාඩම: නීති අංශයේ දුර්වලතා සහ රාජ්‍ය මූල්‍යයේ අවදානම

සභාපතිවරයාගේ ප්‍රකාශයේම සඳහන් වන පරිදි, මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව කොමිසම විසින් ඒකපාර්ශ්විකව නිකුත් කළ නීති විරෝධී තීරුබදු රහිත (duty-free) ගැසට් නිවේදනය මුදල් කාරක සභාවේ දැඩි මැදිහත්වීම මත ආපසු හැරවීමට සිදුවිය. එම දැවැන්ත නියාමන අසාර්ථකත්වයේ සෘජු ප්‍රතිඵලය වූයේ, එවකට නීති අංශ ප්‍රධානී වින්ද්‍යා වීරසේකර ට සිය තනතුරෙන් ඉවත්වීමට සිදුවීමයි.

 

 

ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ LLM උපාධියක් සහ ආයතනික නීතිය පිළිබඳ දශක දෙකහමාරකට වැඩි ඉහළ පළපුරුද්දක් සහිත විද්වත් නීතිවේදිනියකට පවා, එකී ව්‍යවස්ථාපිත අර්බුදය හමුවේ තනතුරේ රැඳී සිටිය නොහැකි විය. ඉන් පැහැදිලි වන පරම සත්‍‍යය නම්, කොමිසමේ නීති අංශය අතින් සිදුවන සුළු නෛතික අතපසුවීමක් හෝ අර්ථකථන දෝෂයක් ජාතික ආර්ථිකයට සහ රේගු ආදායමට සෘජුවම බරපතල තර්ජනයක් වන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය උල්ලංඝනය වීමට ඉඩ හැරීම හුදු මානව සම්පත් ගැටලුවක් නොව, ජාතික මූල්‍ය ආරක්ෂාව පිළිබඳ ඍජු ගැටලුවකි.

 

 

 

ආයතනික සංවරණ සහ තුලන ක්‍රියාවලිය බිඳවැටීම

ඉහත පූර්වාදර්ශය ඉදිරියේ තබාගෙන වර්තමාන අර්බුදය දෙස බලමු. වර්තමානයේ කොමිසම තුළ සිදුව ඇත්තේ පූර්ණ කාලීන නීති අධ්‍යක්ෂවරයෙකු නොමැතිව, වාණිජ මෙහෙයුම් අධ්‍යක්ෂවරිය විසින්ම නීති අධ්‍යක්ෂවරියගේ කාර්යභාරය ද ආවරණය කිරීමයි (Role Swap).

 

 

පරිපාලන විද්‍යාවට අනුව, ඕනෑම ආයතනයක වාණිජ අංශයේ අරමුණ ආයෝජන ගෙන ඒම සහ ලාභ ඉපැයීමයි; එය වේගවත්ය, ආක්‍රමණශීලීය. ඊට ප්‍රතිවිරුද්ධව, නීති අංශයේ අරමුණ එම ගනුදෙනු නෛතිකව නියාමනය කිරීම සහ අවදානම් කළමනාකරණය කිරීමයි. මේ අංශ දෙකම එක් අයෙකු යටතට පත්වීම යනු, ආයතනයක 'බැඳියාවන් අතර ගැටුමක්' (Conflict of Interest) ඉතා දරුණු ලෙස නිර්මාණය කිරීමකි.

 

 

ආයතනික සංවරණ සහ තුලන ක්‍රියාවලිය (Checks and Balances) සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති මෙවන් මොහොතක, තීරුබදු සහන සහ බදු විරාම ලබාදීමේදී රාජ්‍ය මූල්‍යයේ ආරක්ෂාව කෙසේ නම් තහවුරු වේද?

 

 

IMF කොන්දේසි සහ ජාතික ආර්ථිකයේ ඛේදවාචකය

අනෙක් අතට, 2026 අංක 1 දරන සංශෝධිත වරාය නගර පනත හරහා බදු සහන ලබාදීම සහ විදේශ විනිමය නියාමනය සම්බන්ධයෙන් දැඩි කොන්දේසි පනවා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉලක්ක සපුරාලීම සඳහා මෙම නීතිමය රාමු ඉතා සූක්ෂමව ක්‍රියාත්මක කළ යුතුව පවතී. මෙවැනි සංකීර්ණ නෛතික පසුබිමක් තුළ, අදාළ විශේෂඥ දැනුම නොමැති පුද්ගලයින් අතට කොමිසමේ නීතිමය බලතල පත්වීම ජාතික ආර්ථිකයට ඛේදවාචකයක් වනු නිසැකය.

 

 

එබැවින්, ඉදිරි සති කිහිපය තුළ වරාය නගර කොමිසම මුදල් කාරක සභාව හමුවට කැඳවන අවස්ථාවේදී, හුදෙක් 'බඳවා ගැනීමේ පටිපාටිය' ගැන පමණක් විමසා නිහඬ විය නොහැක. ඒ වෙනුවට, 'ආයතනික ව්‍යුහය තුළ නීතිමය අධීක්ෂණය සහ වාණිජ අරමුණු අතර පවතින මෙම ව්‍යසනකාරී ගැටුම' මගින් ජාතික මූල්‍ය ආරක්ෂාවට එල්ල වන සෘජු බලපෑම පිළිබඳව කොමිසමෙන් දැඩිව ප්‍රශ්න කිරීම COPF කමිටුවේ ව්‍යවස්ථාපිත වගකීමෙහිම අනිවාර්ය දිගුවකි. නීතිමය විනයකින් තොර වරාය නගරයක් යනු, ආර්ථික පුනරුදයකට වඩා, මෙරට ආර්ථිකයට අටවන දැවැන්ත බිම්බෝම්බයක් වනු ඇත.

 

 

# සමාරා පරණවිතාන

 

 

 

Right to Reply

As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.

 

Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]

Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ලිපි