බුදු දහම පිළිබඳ අන්තර්ජාතික කීර්තියට පත් විද්වතුන්, බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ
සංඝ නායකවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ''බුදු දහමේ සඳහන් පුනරුප්පත්තිය පිළිබඳ යළි විමසා බැලීමක්" යන මැයෙන් පැවැත්වෙන අන්තර්ජාතික සම්මේලනය 2025 ජුලි 26 වනදා කැලණිය විශ්ව විද්‍යාලයයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේදී පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා පැවැත්වීමටට නියමිතය.
මෙම විද්වත් කතිකාවත බෞද්ධ සහෝදරත්ව පදනම, අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය සහ බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයය එක්ව සංවිධානය කරනු ලබයි. මෙම සම්මේලනයේ අරමුණ වනුයේ පාලි සහ සංස්කෘත සම්ප්‍රදායන් ද්විත්වයෙහි සඳහන් වන පුනරුප්පත්තිය සහ සංසාරය පිළිබඳ කතිකාවතකි.
මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ මහ ලේකම් අති පූජ්‍ය ශර්ත්සේ කෙන්සුර් ජන්ග්චුප් චෝදන් රින්පොචේ හිමියන් විසිනි.
මෙම අවස්ථාවට බුද්ධ සාසන අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර, ඉන්දියාව, භූතානය, ඇමරිකාව, ජපානය, නේපාලය, මියන්මාරය, තායිවානය, බංගලාදේශය සහ රුසියාව වැනි රටවලින් පැමිණෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා, කථිකයින් සහ විද්වතුන් විශාල පිරිසක් දේශන පැවැත්වීමට නියමිතය.
වැඩි විස්තර සඳහා
ඉසුරු- +94 75 781 6582
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
@බෞද්ධ සහෝදරත්ව පදනම