SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැනඩාවේ වසර 5ක් පමන ගතකොට ලබාගත් නිවාඩු ඉවර වූ පසු ලන්කාවට පැමිණ සේවයට වාර්තා කරන විට

රාජ්‍ය පරිපාලන ලේකම් වුයේ ඩී. දිසානායක මහතාය. ඔහුගේ ද ඉල්ලීම මත එවකට වැඩි ඉල්ලීමක් නොවූ රාජ්‍ය සේවා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ලෙස සේවයට වාර්තා කලෙමි. වසරකට පසු රාජ්‍ය පරිපාලනයේම අතිරේක ලේකම් කෙනෙකු ලෙස අභ්‍යන්තර හා පරිපාලන ප්‍රතිසංස්කරණ අන්ශයේ වැඩ කරන කාලයේ අබේකෝන් මහතා රාජ්‍ය පරිපාලන ලේකම් ලෙස වැඩ බාර ගන්නා ලදි.

 

 

ටික දිනකින් අබේකෝන් මහතා හවසක ඔහුගේ කාමරයට මා කැඳවීය.

 

ජිනේ ඔයාලගෙ බැච් එකේ ගොඩක් දෙනෙක් ලේකම් වරු. ගාමිනි සෙනෙවිරත්නත් ඔයාගෙ බැච් එකේනේ. ඒ උනාට මම කල්පනා කලා ඔයා ස්වදේශ කටයුතු අන්ශයේ අතිලේ වශයෙන් පත් කරන්න. එතනත් ලොකු අමාත්‍යාංශයක් වගේ නේ.

අනිත් එක මචන් පලවෙනියෙක් වෙන්න කලින් හොද දෙවනියෙක් වෙලා ඉන්න එක තමයි හොදම දේ මේ කාලේ හැටියට.

(එහෙම් කියන්න ඇත්තේ මම රාජපක්ෂ කදවුරට අයත් නොවන නිසා බව මීටර් විය)

 

එම නායකත්ව උපදෙස හිස් මුදුනින් පිලිගත් මා අතිරේක ලේකම් ස්වදේශ ලෙස වසර 5ක් පමණ අබේකෝන්ගේ හොඳ දෙවනියෙක් ලෙස කටයුතු කලෙමි.

(මා හිතන විදියට. අනිත් අයගෙන් හා අබේකෝන්ගෙනුත් අසා බලා තහවුරු කර ගත හැක)

 

එම කලමනාකරණ පාඩමේ අත් දැකීම් සමග පහත සදහන් හොද දෙවනියෙක් වීමේ කුසලතාවයන් මා විසින්ම ප්‍රගුන කර ගනු ලැබූවෙමි.

1. නායකයා සමගම සහයෝගයෙන් හිටියොත් හොද පලවෙනියෙක් වීමට එය ප්‍රදාන හේතුවක් වන බව.

2. ඕනෑම වෙනස්ව සැලකීම් වෙනසක් නොපෙන්වා සිනා සිසී ඉවසිය යුතු බව.

3. අරයා එක්ක බෑ මෙයා එක්ක බෑ ආදී නෝක්කාඩු නායකයාට ඉදිරිපත් නොකල යුතු බව.

4. නායකයාගේ ගෝල බාලයන් සමගද විවේචනයෙන් තොරව ඇසුරු කල යුතු බව. ඔවුන් සමගද අකමැත්තෙන් හෝ කා බී විනෝද විය යුතු බව.

5. නායකයාගේ ගති පැවතුම් වලට එකග නොවුනත් ඒවා නොදන්නවා වගේ රග පෑමේ හැකියාව

6. නායකයා දෙන ඕනෑම වගකීමක් ඉතා උසස් ලෙස ඔහුගෙන් හා විශේශයෙන්ම ඔවුගේ ගෝලයන්ගෙන්ද විමසා තමාගේ සිතැගි පරිදි ඉතා උසස් ලෙස නිම කිරීම

7. නායකයාට බැරියැයි හැගෙන දේ ඔහුගේ ඉල්ලීම පරිදි ඉතා උසස් ලෙස ඉටු කිරීම හා එහි නම්බුව ඔහුට ලබාදීම හා ඒ පිලිබදව ප්‍රසන්සා අපේක්ෂා නොකිරීම

8. නායකයාගේ වේදිකා වල වැඩ පෙන්වීම හා වෙනත් වේදිකා ඉදිකර නොගැනීම වඩා බුද්දිමත් බව හා බලෙන් ලකුනු දමා නොගැනීම

9. නැති හැකියාවන් නොපෙන්වා නායකයාගේ හා සෙසු අදාල අයගේ විහිලු කාරයකු නොවීමට හොදින් වග බලා ගැනීම

10. නායකයා තමාට වඩා අත්දැකීම් ඇති බවත්, තමාට කලින් පැන්ශන් යන බවත් බොහෝ දුරට තමාට කලින් දිවන්ගත වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බව විශ්වාස කරමින් කෙටි පාරවල් වල ගමන් නොකිරීම හා/හෝ

10.1 නායකයෙකු වීමට පරම්පරා අයිතිය හෝ seniority එක වර්තමානයට නොගැලපෙන බව.

 

@ජිනසිරි දඩල්ලගේ

රාජ්‍ය පරිපාලන හිටපු ලේකම්

Jinasiri Dadallage ‌fb page

නවතම ලිපි