SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රතු මස්වල සහ සකස් කළ මස් මාළු නිෂ්පාදනවලට කල් තබාගැනීමේ රසායනික

ද්‍රව්‍යයක් ලෙස එකතු කරල තියෙන නයිට්රයිට නයිට්රේට වර්ග බඩවැලේ ඇති ඇමයිනෝ අම්ල සමඟ ප්‍රතික්‍රියා කරල පිළිකා කාරක ලෙස හඳුන්වන නයිට්‍රොසැමයින් (Nitrosamines) සාදනවා.

 

 

මේ හේතුව නිසා තමයි, රතු මස් සහ මස් මාළු ආශ්‍රිත නිෂ්පාදන වෙච්චි සොසේජස්, මීට් බෝල්, ෆිෂ් බෝල්, හැම්, බේකන්, ටින් කළ මස් නිෂ්පාදන සහ මේවා භාවිතා කරල නිෂ්පාදනය කරන සකස් කළ ආහාර වර්ග (සොසේජස් බන්, හොට් ඩොග්ස්, බර්ගර්..) වගේ ආහාර නිතර නිතර කෑමට ගන්න හොඳ නෑ කියන්නේ.

 

කෙසේ වෙතත්, මේ ආහාර සමඟ විටමින් C (ඇස්කෝර්බික් අම්ලය) හෝ විටමින් සී අඩංගු එළවළු ,පලා සහ පලතුරු වර්ග යහමින් පරිභෝජනය කිරීමෙන් නයිට්‍රොසැමයින් සෑදීම වළක්වන බව සොයා ගෙන තිබෙනවා.

 

 

විටමින් C ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර, නයිට්‍රොසැමයින් සෑදීමට පෙර නයිට්‍රයිට් සමඟ ප්‍රතික්‍රියා කරයි, එමඟින් පිළිකා කාරක අවදානම අඩු කරයි.

 

 

කොයික කොහෙම වුනත් රතු මස් සහ මස් මාළු ආශ්‍රිත නිෂ්පාදන සහ ඒවා භාවිත කරල හදන සකස් කළ ආහාරවල වෙනත් සෞඛ්‍ය ගැටලු තිබෙන නිසාවෙන් මෙවුවා පරිභෝජනය අඩු කිරීම තමයි වඩා හොඳ.

 

වැඩි විස්තර සඳහා

https://www.sciencedirect.com/.../chemistry/nitrosamine...

 

@ ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක,

දෙහිවල ගල්කිස්ස මහානගර සභාව

නවතම ලිපි