SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මට මේක කියවලා හික් ගෑවුනා. පිස්සුම හැදෙනවා.

කියවන්න මේ ස්පාඤ්ඤ ලේඛක රෆායෙල් නොබෝගේ කෙටිකතාවක්..!

 

"මගේ නිවුන් සහෝදරයාට මම කවදාවත් සමාව දුන්නේ නැහැ, ඔහු මගේ මවගේ කුසේ මිනිත්තු හයක ට මාව අතහැර දැමුවා.., මාව එහි තනිව, අඳුරේ බියට පත් කර දැමුවා,
මම මගේ මවගේ කුසේ ගගනගාමියෙකු මෙන් පාවී සිටියදී, අනෙක් පැත්තෙන් ඔහු මතට වැටෙන හාදු වැස්සකට සවන් දෙමින් සිටියෙමි......"


ඒ මගේ ජීවිතයේ දිගම මිනිත්තු හය වූ අතර, ඔවුන් අවසානයේ තීරණය කළේ මගේ සහෝදරයා මගේ මවගේ කුලුඳුල් දරුවා සහ ප්‍රියතමයා වනු ඇති බවයි.


එතැන් සිට, සෑම තැනකදීම මගේ සහෝදරයාට වඩා ඉදිරියෙන් සිටියෙමි.....

කාමරයෙන්, නිවසින්, පාසලෙන්, සිනමාශාලාවෙන්,

එයින් අදහස් කළේ මට චිත්‍රපටයේ අවසානය නැරඹිය යුතු වුවද....


දිනක්, මගේ අවධානය වෙනතකට යොමු වූ අතර, මගේ සහෝදරයා මට පෙර වීදියට පිටව ගියේය.

ඔහු ඔහුගේ මෘදු සිනහවෙන් මා දෙස බලා සිටියදී, ඔහු මෝටර් රථයක හැප්පුනා. ....

 


අනතුරේ ශබ්දය ඇසුණු මගේ මව නිවසින් පිටතට දිව ගියේ මා පසුකර බව මට මතකයි,

ඇගේ දෑත් මගේ සහෝදරයාගේ සිරුර දෙසට දිගු විය,

නමුත් ඇය මගේ නම කෑ ගසමින් සිටියාය.

 


මේ මොහොත වන තුරු, මම ඇගේ වැරැද්ද නිවැරදි කර නැත. කවදාවත්..
"මම මැරුණා, මගේ සහෝදරයා ජීවත් වුණා"

 

@ සකස්කළේ යෙනුක දසනායක

Learn English and lead the World පිටුවෙන්.