ඇමරිකානු අර්බුද ධනවාදය විසින් බටහිර ආසියාව තුල තම කලාපීය භූ දේශපාලන
උපායමාර්ගික සැලසුම් සඳහා තම පෙරමුණ බල ඇනිය ලෙස යොදාගත් ඊශ්‍රායලය විසින් පලස්තීනය තුල කරන ජන සංහාරයට එරෙහිව ක්‍රියාමාර්ග තේරීම යනු අර්බුද ධනවාදී ඇමරිකාව ප්‍රමුඛ එයට සහය දෙන සමස්ථ ගෝලීය ධනවාදයට විරුද්ධව ගෝලීය ජන සහභාගීත්වයෙන් යුත් යුධ ව්‍යාපාරයක් හරහා භෞතික ක්‍රියාමාර්ග තේරීමයි.
කෙසේ වෙතත්,ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරන පරිදි ,මැදපෙරදිග කලාපයේ ඇමරිකානු හිතවාදී රටවල පවත්වාගෙන මිලිටරි කඳවුරු 19 ඇත. එයින් කටාරය,කුවේටය,ඉරාකය, බහරේනය,එක්සත් එමීර් රාජ්‍යය, ඊජිප්තුව,සෞදි අරාබිය, ජෝර්දානය වැනි රටවල් ස්ථීර හමුදා කඳවුරු පවත්වාගෙන යන රටවල් වෙයි. මාධ්‍ය අනාවරණය කරන ආකාරයට මේ මොහොතේ මැදපෙරදිග පිහිටා ඇති ඇමරිකානු කඳවුරු වලින් අමතර හමුදා කංඩායම් ඉවත්කිරීම ආරම්භ කර ඇත.එසේ නොමැති නම් මැදපෙරදිග කලාපයේ ඇති අනෙකුත් හමුදා කඳවුරුවලට ඔවුන්ව අනුයුක්ත කිරීමට නියමිත ඇත.
කෙසේ වෙතත් ,මේ වන විට අර්බුද ධනවාදී ඇමරිකාව අභ්‍යන්තරයේද, දේශපාලන ආර්ථික ප්‍රතිවිරෝධය පුපුරායමින් සංක්‍රමණිකයන්ට එරෙහිව කරන අඩම්තේට්ටම්වලට එරෙහිව සුවිශේෂීත්වය පදනම් කරගත් සමාජ ව්‍යාපාරයක් ඇමරිකාව පුරා ව්‍යාප්ත වෙමින් ඇත. මේ වන විට එය මර්දනය කිරීම සඳහා ඇමරිකානු ජාතික ආරක්ෂක බලකාය ඇතුලු යුද්ධ වලට යොදාගන්නා මැරයින් සොල්දාදුවන් පවා යොදාගෙන ඇත.එසේ නමුත් මේ වන විට සමාජ නොසන්සුන්තාවය වර්ධනය වෙමින් මධ්‍යම ආන්ඩුව සහ ෆෙඩ්රල් ආන්ඩු අතර පවා දේශපාලන ගැටුම් ආරම්භ වී එය ට්‍රම්ප් විරෝධී ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය වෙමින් පවතී.
මේ තත්ත්වය නිරීක්ෂණය කරනවිට පෙනෙන කාරණය වන්නේ, ඇමරිකානු ධනවාදය වර්තමානයේ මුහුණදී ඇති බාහිර අභ්‍යන්තර ධනවාදී ප්‍රතිවිරෝධයයි.යම් කිසි ආකාරයකට මේ තත්ත්වය උත්සන්න වී, ගෝලීයව හුදෙකලාව ව්‍යාප්ත වන සියලුම සුවිශේෂීත්වය පදනම් කරගත් අරගලයන් ඒකාබද්ධ වී, විශ්වීය අරගලයක් වන ගෝලීය යුධ විරෝධී ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය කල හැකිනම් ,පලස්තීන ජනයාගේ ගැටලුවලටත් විසඳුම් ලබාගැනීමට යම් කිසි ප්‍රවේශයක් වනු ඇත.
ඇමරිකානු ජනයාගේ බදුවලින් සහ දශක ගනණාවක් පුරා පරිවාර දුගී රටවල බෙලහීන බව සූරාකමින් ගෝලීය ධනවාදය විසින් පවත්වාගෙන යන පැසිට්වාදී යුද්ධ ඇතුලු පලස්තීනයට එරහිව කරන ජන ඝාතක පැසිට්වාදී යුද්ධය නවත්වා, මැදපෙරදිග රටවල ඇතුලු ජනයා පීඩාවට පත්කිරීමට යොදාගෙන තිබෙන ලෝකයේ සියලුම හමුදා කඳවුරු ඉවත්කර ගන්නා ලෙස ඇමරිකානු ජනයා ඇමරිකානු ධනවාදයටත්,අනෙකුත් ධනවාදී රටවල ජනයා ඔවූන්ගේ පාලකයන්ටත් බලපෑම් කිරීමට කාලය උදාවී ඇත.