ශීලා අක්කා කියපු ගමන් මගේ මතකය දිවයන්නේ 2011 සැප්තැම්බර් මාසයට.
එදා අපිත් එක්ක එකට වැඩකරපු වාමාංශික ළදරු වලිප්පුව වැලදුන පක්ෂයේ සාතිශ්‍ය බහුරයක් පක්ෂයට සහ නායකත්වයට අවලාද නගමින් කල්ලි ගැසී පක්ෂයේ බලය අල්ලන්න කුමන්ත්‍රණ කරන අවස්ථාවේ ශ්‍රීපුර ජවිපෙ කොඩිය අත්නොහැර ඒ අවස්ථාවාදයට එරෙහිව සටන් කල නායකත්වය තමයි ශීලා අක්කා.
ළදරු වලිප්පුකාරයින්ගේ ගොදුරක් බවට පත්වු ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය පත්වන විට ශ්‍රීපුර සංවිධාන වගකීම පැවරුනේ අනුරාධපුරය දිස්ත්‍රික්යට. එදා ශ්‍රීපුර සහෝදරත්වය සමග පැය ගණනක් වාද විවාද කරමින් කරුණු තහවුරු කිරීමට උත්සාහ කලත් ජවිපෙ සමග ඉතිරිවුනේ අතේ ඇගිලි ගණනටත් අඩු පිරිසක්.
කෙසේ වෙතත් එදා ඒ සුළු පිරිසත් සමග ජවිපෙ සංවිධාන කටයුතු ඉදිරියට ගෙනගිය ශීලා අක්කා අදවනවිට ශ්‍රීපුර ප්‍රාදේශීය සභාවේ මුල් පුටුවට පත්වෙලා.
තමන්ගෙ වගකීම කිසි විටෙකත් අත්නොහැර දිවා රෑ නොබලා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකල ශිලා අක්කාට තම මන්ත්‍රී කණ්ඩායම සමග මාලිමාවේ රට ගොඩනගන වැඩපිලිවෙල බිම්මට්මින් ජයග්‍රහණය කිරීමට හැකි බව මා දනිමි.
ශීලා අක්කේ, ඔබට ජය..
@සිසිර සෙන්පති කහවත්ත