SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊශ්‍රයාලය විසින් ගාසා තීරය ආක්‍රමණය කර වසර එකහමාරක් පසුවී තිබේ.

දැනටමත් ගාසා තීරයේ ජීවත්වන මිලියන ගණන් ජනයා අන්ත දුක්ඛිත ජීවීත ගත කරයි.

 

 

50000 + පිරිසක් මරාදැමුණු අතර එයින් 15000+ පිරිසක් කුඩා දරුවන් ය. කුඩා දරුවන් ඉලක්ක කරමින්ම ප්‍රහාර එල්ලකිරීම විනෝදාංශයක් කරගැනීම ඊශ්‍රයාල් යුධ යාන්ත්‍රණයෙන් පෙනෙන්නට තිබුණි.

 
499878499 122132301362757301 8373416313294971022 n

 

විදුලිය ජලය ඖෂධ වැනි මූලීකම අවශ්‍යතා පවා නිතර නිතර අවහිර කරමින් ගාසා තීරයේ පලස්තීන වැසියන්ව තම කෙළිබඩු බවට පත්කරගැනීම් ඊශ්‍රයාලය විසින් සිදුකරන ලද්දේ අද ඊයෙක සිට නොවේ.

 

නමුත් දැන් තත්ත්වය ඊටත් වඩා වෙනස් ය. ඛේදජනකය. යුද්ධයෙන් සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති ගාසා තීරයේ දිවි ගලවාගත් මිලියන ගණනක් වැසියන් වෙත ලැබෙන ගෝලීය ආධාර ඊශ්‍රයාලය විසින් අවහිර කර ඇත්තේ දැනට මාස 2 ක සිටය.

 500069414 122132301410757301 1623302300161214479 n500070997 122132301302757301 5749155862922174509 n

 

ඒත් සමගම දසදහස් ගණනක් කුඩා දරුවන්ගේ ජීවීත මන්දපෝෂණ අවධානමකට ගොදුරු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ගෝලීය සංවිධානවලට අනුව ඉදිරි පැය කිහිපය තුල ගාසා තීරයට ආහාර ඇතුළු ආධාර නොලැඹුණහොත් ගසාවේ දරුවන් දස දහස් ගණනක් මන්දපෝෂණය ආශ්‍රීත මරණවලට ගොදුරු වන්නට පුළුවන.

 

 

ගාසා තීරයේ සීමාවල ආධාර රැගත් රථවාහන පෝලීම් පිටින් තිඹුණත් ඒ කිසිවකට ගාසා තීරයේ වැසි‍යන් වෙත ලගාවීමට ඇති මාර්ග ඊශ්‍රයාල් හමුදා විසින් කපාහැර තිබේ.

 

ඊශ්‍රයාලයේ සැලැස්ම ගාසා තීරයේ ඉදිරි පරම්පරාවම කුසගින්නෙන් මරාදමා සියළු භූමීන් තම ප්‍රයෝජනය වෙනුවෙන් සූරා කෑමටය. එනයින් ඊශ්‍රයාලය යනු ම්ලේච්ඡත්වයේ හිනි පෙත්තටම පැමිණි තිරශ්චීන රාජ්‍යයක් යයි කීමට තවත් සාධක කුමටද?

 

@තාරක විජේභාහු

නවතම ලිපි