SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති මාධ්ය ඒකකය තියෙන්නේ ජනාධිපතිතුමන්ගේ ප්‍රථිරූපයට හානි කරන

ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් හෝ පළකිරීමෙන් වලකින ලෙස පුවත්පත් වලට කතා කරලා ඉල්ලීම් කරන්න නම් කැතයි, ලැජ්ජයි, නින්දිතයි.

 

 

ඔය තත්වේ කාලයක් පුරාවට මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නකොටත් අඩුවැඩි වශයෙන් මුල්කාලේ තිබ්බා. කොටින්ම කිව්වොත් බලපෑම් කරලා ඡායාරූප ඒ මොහොතෙම මකවලත් තියෙනවා තමන්ගේ අවට ඉන්න ජනමාධ්ය සගයන්ගේ ආරක්ශාව, සහයෝගය තමන්ට නැත්තම්. පසුකාලීනව ඒක නැතිවුනා.... කොටින්ම කිව්වොත් නැතිකරගන්න වුනා.

 

පින් 1

 

සමහරුන්ට අනුව මේක හොද ඡායාරූපයක්, තවත් අයට මඩ ෆොටෝ එකක්. ඒක තම තමන්ගේ කියවීම.ඒ මොක වුනත් ජනමාධ්ය ඡායාරූපශිල්පියෙක් යම් ප්‍රවෘත්ති ආවරණයකට යන්නේ ආලේඛ්‍ය ඡායාරූපගන්න නෙමේ. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරන්න සහයදීපු අයගෙන් මේ ෆොටෝ එක විවේඡනය කරලා තිබ්බේ හරිම අතලොස්සයි, විපක්ෂය බලයට ගේන්න අරාදින ඕනම කෙනෙක්ට මේක මේ වෙලේ හරිම රස ෆොටෝ එකක්.

 

 

වැඩේට ගිහින් ගන්නන්වාලේ ෆොටෝ අරන් එනවාට වඩා අනාගතේටත් කතා කවි ලියවෙන මතකහිටින ඡායාරූපයක් ග්‍රහණයකරගන්න උත්සාහයක් දරන එක ජනමාධ්ය ඡායාරූපශිල්පියාගේ කාර්යභාරය.

 

පින් 2

 

 

ලහිරු වෘත්තීය ජීවිතේදී දේශපාලනය කතාකරනවා මම නම් දැකලානෑ, ඒ වගේමතමා කැමරාව දේශපාලනයට ගාවගෙන තමන්ට මඩගහන්න ඕන තැනට ගිහින් මඩ ෆොටෝ ගන්නයි, ආවඩන්න ඕන තැනට ගිහින් ප්‍රතිරූප ඔප්නන්වන ඡායාරූප ගන්නයි යනවා දැකලත් නැති දක්ෂ තරුණ ඡායාරූප ශිල්පියෙක්.

 

ආයේ ආයෙත් කියන්න ජනාධිපති මාධ්‍ය ඒකකය මේ ඡායාරූපය අයින්කරගන කියලා දීපු ඇමතුම කිසිසේත්ම අනුමත කරන්න බෑ.

 

@Sanka Vidanagama

ඡායා: Lahiru Harshana

නවතම ලිපි