Conde Nast Traveller විසින් කීර්තිමත් ශ්‍රේණිගත කිරීමක පළමු ස්ථානය ලබා ගනිමින්,
2025 වසර සඳහා 'වඩාත්ම පවුල් හිතකාමී රට' ලෙස ශ්‍රී ලංකාව පිළිගෙන ඇතැයි වාර්තා වේ.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ ළමා රැකවරණය සඳහා ඉහළ ලකුණු ලබා ගෙන ඇති අතර, පවුල් මූලික කර කටයුතු කිරීම සම්බන්ධයෙන් එහි කීර්ති නාමය තහවුරු වී ඇත.
ශ්‍රී ලංකාව අධ්‍යාපන ක්‍රමය සඳහා 1.0 න් 0.7 ක ආකර්ෂණීය ලකුණු ලබා ගෙන ඇති අතර, එය දරුවන්ට ගුණාත්මක ඉගෙනුම් අවස්ථා ලබා දීම සඳහා ලංකාව දක්වන කැපවීම පිළිබිඹු කරන බව පැවසේ.
තවද, ශ්‍රී ලංකාවේ වාර්ෂික ළමාරක්ෂක පිරිවැය ඇමරිකානු ඩොලර් 354.60 ක් පමණක් බව සටහන් වූ අතර, එය ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්ව ඇති එක්සත් ජනපදයේ වාර්ෂික ළමාරක්ෂක පිරිවැය වන ඇමරිකානු ඩොලර් 16,439.40 ට වඩා හාත්පසින්ම වෙනස් ය.
මෙම පිළිගැනීම Conde Nast Traveller ආයතනයට පුදුමයක් නොවන බවත් ඔවුන් විසින් ශ්‍රී ලංකාව “favourite places to go for multi-gen megatrips in 2025” ලෙසද නම් කර තිබේ.
මෙම ප්‍රකාශනය සහ ශ්‍රේණිගත කිරීම මෙ ආකාරයට සිදුකෙරුනද ලාංකික පවුල්වල සිහිනය වී ඇත්තේ විදෙස් රටක පදිංචියට යෑම හෝ තම දුවා දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් සහ ඉනිකිබිති ඔවුන්ගේ ජීවිතය විදෙස් රටවල ගෙවනු දැකීමය.
ඒ අනුව වසරකට විදෙස්ගත අධ්‍යාපනයට මෙන්ම අධ්‍යාපනයෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනයටත්, රැකියා අවස්ථාවන් සඳහාත් විදෙස් ගත වන ප්‍රමාණය මෑත ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ඉහළ අගයක් ගෙන ඇත.
කෙසේ වුවද මෙම හෙළිදරව්ව සමග ලංකාවේ සංචාරක කර්මාන්තයට දීප්තිමත් ආලෝකයක් ලැබෙනු ඇති අතර එම ආයතනය පවසන්නේ ලංකාවේ දැරිය හැකි මිල සහ අධ්‍යාපනික වාසි වලට අමතරව, පවුලේ නිවාඩු සඳහා වඩාත් සුදුසු ආකර්ෂණීය ස්ථාන රාශියක් දිවයින සතුව ඇති බව ඔවුන් අවධාරණය කරයි.
"මෙම රට ඇදහිය නොහැකි තරම් වනජීවීන්ට නිවහනක් වන අතර, විශාල ජාතික වනෝද්‍යාන සහ පුළුල් වෙරළ තීරයන් මෙන්ම සිත් ඇදගන්නාසුළු ඉතිහාසයක්, නිර්මාණාත්මක වෙරළ තීරයන්, රසවත් ආහාර සහ විශිෂ්ට සාප්පු සවාරි දර්ශනයක් ද ඇත," යනුවෙන් පවසයි.