ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට
සංවිධානය කර තිබූ නිහඬ විරෝධතාව, බැලූ බැල්මට සාමාන්‍ය වෘත්තීය අරගලයක් ලෙස පෙනී යා හැකිය. සියයට 3.6ක්ව පැවති කොමිස් මුදල 1.5% දක්වා අඩු කිරීමට එරෙහි වීම, පෞද්ගලික පිරවුම්හල් සඳහා අඛණ්ඩව ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලීම සහ මිල සූත්‍රය නියාමනයට බලධාරියෙකු පත් කරන ලෙස ඉල්ලීම ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨ විය.
එහෙත් ලංකා අයි.ඕ.සී. (Lanka IOC), සිනොපෙක් (Sinopec) සහ ආර්.එම්. පාර්ක්ස් (RM Parks) යන පෞද්ගලික සමාගම් ත්‍රිත්වයට අයත් මෙම බෙදුම්කරුවන්ගේ සැබෑ අරමුණ කොමිස් මුදලකට පමණක් සීමා වී තිබේ ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතුව ඇත.
මෙම විරෝධතාවයේ සැබෑ ස්වභාවය සහ ඔවුන්ගේ සැඟවුණු න්යායපත්රය අවබෝධ කර ගැනීමට නම්, පසුගිය දිනවල ඔවුන් විසින් ගොඩනැගූ කෘත්‍රිම ඉන්ධන අර්බුදය දෙස අවධානය යොමු කළ යුතුය. මූල්‍ය අලාභ පියවා ගැනීමේ න්යායපත්රය මුවාවෙන් මෙම බෙදුම්කරුවන් මෑතකදී සිය ඩීසල් නිකුත් කිරීම 50%කින් පමණ කප්පාදු කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී වඩාත් බරපතළ සහ සැකකටයුතු කාරණය වන්නේ, අදාළ ඉන්ධන කප්පාදුව සමස්ත රටටම එක හා සමානව ක්‍රියාත්මක කරනවා වෙනුවට උතුරු, නැගෙනහිර සහ උතුරුමැද යන පළාත් විශේෂිතව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමයි.
කොළඹ මධ්‍යයේ නිහඬව තම අයිතිවාසිකම් ඉල්ලන මෙම සංගමය, ග්‍රාමීය ආර්ථිකයේ කොඳු නාරටිය වන උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ගොවියන්ගේ සහ ධීවරයන්ගේ ඩීසල් සැපයුම අඩාල කරන්නේ හුදු ව්‍යාපාරික තීරණයක් මත පමණක් යැයි සරලව බැහැර කළ නොහැක. ඩීසල් හිඟයක් මවාපෑම හරහා අත් ට්‍රැක්ටර්, ජල පොම්ප සහ ධීවර යාත්‍රා අඩපණ කර අහිංසක ජනතාවගේ ජීවනෝපාය විනාශ කිරීම තුළින්, එම පීඩිත ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බැස්සවීමේ යටි අරමුණක් ද මෙහි ගැබ්ව ඇති බව පැහැදිලිය.
ගොඩබෑමේ පිරිවැයට (Landing Cost) අනුකූලව තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කරගැනීමට හෝ කොමිස් මුදල් වැඩිකර ගැනීමට රජයට බලපෑම් කරන්නේ, ජාතික ආහාර සුරක්ෂිතතාව සහ මහජන සාමය බිල්ලට දෙමින් ද යන්න බරපතළ දේශපාලනික ප්‍රශ්නාර්ථයකි.
එබැවින්, සියයට 1.5 දක්වා කොමිස් මුදල් අඩුවීම සහ මිල සූත්‍රය පිළිබඳ ප්රශ්නය පලිහක් කරගනිමින් මේ දියත් වන්නේ, හුදු අයිතිවාසිකම් දිනාගැනීමේ සටනකට වඩා වැඩි යමක් බව නිගමනය කළ හැක. ප්රාදේශීයවාදී ලෙස සංවේදී කලාප ඉලක්ක කර ඉන්ධන බෙදාහැරීම සීමා කරමින් රට තුළ කෘත්‍රිම අර්බුදයක් නිර්මාණය කරන පසුබිමක, ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට මොවුන් පවත්වන මෙම "නිහඬ" විරෝධතාව පිටුපස ඇත්තේ, මහජනතාව පීඩාවට පත්කරමින් රජය අපහසුතාවයට පත්කිරීමේ ඉතා ඝෝෂාකාරී කඩාකප්පල්කාරී මෙහෙයුමක් බව මෙම සිදුවීම් ද්විත්වය විශ්ලේෂණය කිරීමේදී මනාව තහවුරු වේ.
සබැඳි පෙර පුවත්
https://slleader.lk/news/14387-2026-09-22-04-21-11
ඩීසල් අර්බුදය පිටුපස සැඟවුණු දේශපාලන කුමන්ත්‍රණයක්ද?
https://slleader.lk/news/14376-ioc-cenopec-rm-parks-500
IOC, SENOPEC, RM PARKS මිල නොදුන්නොත් ෂෙඩ් 500ක් වහන බවට තර්ජනයක්!!!
https://slleader.lk/news/11944-2025-03-05-02-38-21
රජයට අවශ්‍ය වූයේ මෙය ද? ඉන්ධන බෙදුම්කරුවෝ වෙනතක් බැලීමට සැරසෙති
https://slleader.lk/news/11923-2025-02-28-15-44-56

