ඉදිරි දිනවලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ අවදානමක්!
ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්රිත
පහළ වායුගෝලයේ නව කැළඹිලි ස්වභාවයක් නොවැම්බර් මස 11 වැනි දින පමණ වන විට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත සහ අනාවැකිවලට අනුව මෙම පද්ධතිය ඉදිරි දිනවලදී පහත පරිදි වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතී.
-
නොවැම්බර් 11: ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුද ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හටගැනීම.
-
නොවැම්බර් 13: මෙම කැළඹිලි ස්වභාවයේ සෘජු බලපෑම හේතුවෙන් ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීම.
-
නොවැම්බර් 15: නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේදී මෙම පද්ධතිය තවදුරටත් තීව්ර වී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ අඩු සම්භාවිතාවක් පැවතීම.
ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවවාදාත්මක දැනුම්දීමක්
මෙම වායුගෝලීය පද්ධතියේ ක්රමික වර්ධනයත් සමඟ අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යාම, තද වැසි සහ මුහුද රළු වීමේ අවදානමක් මතුවිය හැකි බැවින්, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
එමෙන්ම මෙම පද්ධතියේ ඉදිරි ගමන් මඟ සහ තීව්‍රතාව පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිල නිවේදන සහ අනාවැකි පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලැබේ.

