SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලොව පුරා ප්‍රකෝටි සංඛ්‍යාත සිනමා ලෝලීන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ, ‘ස්ටාර් ට්‍රෙක්’

(Star Trek) හි කැප්ටන් ජීන්-ලුක් පිකාර්ඩ් සහ ‘එක්ස්-මෙන්’ (X-Men) සිනමා මාලාවේ මහාචාර්ය චාල්ස් සේවියර් ලෙස අමරණීය මතකයන් ඉතිරි කළ බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ප්‍රවීණ රංගධර ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් (Sir Patrick Stewart) සිය දිවි සැරිය නිමා කළේය. මිය යන විට ඔහු 86 වැනි වියෙහි පසුවිය.

 

 

 Sir Patrick Stewart, the acclaimed actor whose career spanned six decades,  has died. He was 86.

 

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි සිය නිවසේදී, සිය ආදරණීය බිරිඳ සනීගේ සෙනෙහස මැද ඔහු මෙලෙස අවසන් සුසුම් හෙළා ඇති බව ඔහුගේ නිල ‘X’ ගිණුම ඔස්සේ පවුලේ ඥාතීන් නිවේදනය කර තිබේ. ඔහු කෙටි කලක් තිස්සේ ඇල්සයිමර් (Alzheimer's) සහ ලුවී බොඩි ඩිමෙන්ශියා (Lewy Body Dementia) රෝග තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටි බවද එහි සඳහන් වේ. නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයට සිදුකළ අමිල මෙහෙවර උදෙසා ඔහු 2010 වසරේදී දෙවන එලිසබෙත් මහ රැජින අතින් නයිට් (Knighthood) නාමයෙන්ද පිදුම් ලැබීය.

 

 

එංගලන්තයේ අතිශය දුෂ්කර හා දිළිඳු පවුල් පසුබිමක උපත ලබා වයස අවුරුදු 18දී රංගනයට පිවිසි ස්ටුවර්ට්, 1960 දශකයේදී කීර්තිමත් ‘රෝයල් ශේක්ස්පියර් කම්පැනි’ (Royal Shakespeare Company) සාමාජිකයකු ලෙස සම්භාව්‍ය ශේක්ස්පියර් නාට්‍ය කලාව තුළ අසහාය නමක් දිනාගත්තේය. එහෙත් ඔහු ගෝලීය සිනමාවේ දැවැන්තයෙකු බවට පත්වන්නේ 1987 වසරේදී සිය 47 වැනි වියේදී "Star Trek: The Next Generation" ටෙලි මාලාවේ ‘කැප්ටන් ජීන්-ලුක් පිකාර්ඩ්’ගේ චරිතය භාරගැනීමත් සමඟිනි.

 

 

 

වේදිකාව අතහැර ‘ස්ටාර් ට්‍රෙක්’ වෙත නොයන ලෙස සිය සමීප මිත්‍ර ඉයන් මැකෙලන් (Ian McKellen) මුලදී උපදෙස් දී තිබුණද, එම අභියෝගය බාරගත් ස්ටුවර්ට්, "Make it so" සහ "Engage" වැනි ප්‍රකට ආඥාවන් සමඟින් ලෝක විද්‍යා ප්‍රබන්ධ ඉතිහාසයේ අමරණීය සලකුණක් තැබීය. කතා සමයන් හතක් පුරා විකාශය වූ කතාංග 176ක මෙන්ම සිනමා නිර්මාණ රැසකද, අවසන් වරට 2020දී ආරම්භ වූ "Star Trek: Picard" කතා මාලාවේදීද සිය 79 වැනි විය දක්වාම ඔහු කැප්ටන් පිකාර්ඩ්ගේ චරිතයට විශිෂ්ට ජීවයක් දුන්නේය.

 

 Patrick Stewart - Wikipedia

 

ඉන් නොනැවතුණු ඔහු, මාර්වල් කොමික්ස් හි එන රෝද පුටුවක හිඳිමින් මනසින් විශ්වය මෙහෙයවන විකෘති මිනිසුන්ගේ (Mutants) නායකයා වූ ‘මහාචාර්ය චාල්ස් සේවියර්’ (Professor X) ලෙස 2000 වසරේදී ‘එක්ස්-මෙන්’ චිත්‍රපට මාලාවට එක්වෙමින් තවත් අතිවිශාල රසික පරපුරක් ආකර්ෂණය කරගත්තේය. එමෙන්ම එළඹෙන දෙසැම්බර් මාසයේදී තිරගත වීමට නියමිත අතිශය දැවැන්ත මාර්වල් චිත්‍රපටයක් වන "Avengers: Doomsday" සඳහාද මහාචාර්ය චාල්ස් සේවියර් ලෙස සිය අවසන් රංගන දායකත්වය ලබා දී තිබීම විශේෂත්වයකි.

 

 

ඔහුගේ වියෝව පිළිබඳව ශෝකය පළ කරමින් මාර්වල් ස්ටූඩියෝව (Marvel Studios) නිවේදනය කළේ, ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් යනු අසමසම රංගන ප්‍රතිභාවකින් හෙබි, සහෘද කලාකරුවන් අගය කළ සැබෑ මහත්මයෙකු බවයි. සම්භාව්‍ය වේදිකාවේ සිට අන්තර් චක්‍රාවාට ගවේෂණය දක්වා රංගන පරාසය විහිදුවාලූ මේ මහා කලාකරුවාගේ නික්මයාම ගෝලීය සිනමාවට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවකි.

 

 

නවතම ලිපි