SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ

සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව තවත් සමාගම්, යෙදුම් (Apps) සහ ආයතන 27ක් තහනම් යෝජනාක්‍රම (Prohibited schemes) ලෙස නම් කරමින් 2026 ඔක්තෝබර් 28 වන දින විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. Max App Media Ltd, OnmaxDT, MTFE, Best Life මෙන්ම QNet වැනි මහජනතාව අතර දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ආයතන රැසක් මෙම නවතම ලැයිස්තුවට ඇතුළත් වේ.

 

 

[Tiens Lanka Health Care (Pvt) Ltd, Best Life International (Pvt) Ltd, Mark-Wo International (Pvt) Ltd, VML International (Pvt) Ltd, Global Lifestyle Lanka (Pvt) Ltd, Fast3Cycle International (Pvt) Ltd, Sport Chain App and Sport Chain ZS Society Sri Lanka, OnmaxDT, MTFE App, MTFE SL Group, MTFE Success Lanka and MTFE DSCC Group, Fastwin (Pvt) Ltd, Fruugo Online App / Fruugo Online (Pvt) Ltd, Ride to Three Freedom (Pvt) Ltd, QNet / Questnet, Era Miracle (Pvt) Ltd and Genesis Business School, Ledger Block, Isimaga International (Pvt) Ltd, Beecoin App and Sunbird Foundation, Windex Trading, The Enrich Life (Pvt) Ltd, Smart Win Entrepreneur (Pvt) Ltd, Net Fore International (Pvt) Ltd / Netrrix, Pro Care (Pvt) Ltd and Shade of Procare (Pvt) Ltd, SGO / sgomine.com, I.C.A.N. Advertising (Pvt) Ltd and its affiliated websites: icanonlineadvertising.com, bannercuts.com, bannercuts.lk, bannercusts.net and bannercuts.org, Infinity Rover (Pvt) Ltd, TM App, මෙන්ම Max App Media Ltd and its affiliated companies, Max LK (Pvt) Ltd and Max Media Lanka (Pvt) Ltd ].

 

 

 

හුදු නිවේදනවලට සීමා වූ නීතිය

මහ බැංකුව විසින් මෙවැනි තහනම් ආයතන ලැයිස්තු ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම මහජනතාව දැනුවත් කරමින් මෙවැනි ලේඛන ප්‍රකාශයට පත් කළද, බිම් මට්ටමේ යථාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. බොහෝ ආයතන නීතියේ ඇති හිඩැස්වලින් රිංගා යමින්, වරින් වර නම් වෙනස් කරමින් සිය ව්‍යාපාරික කටයුතු මෙන්ම කළු සල්ලි සුදු කිරීමේ (Money Laundering) ක්‍රියාවලීන් කිසිදු බාධාවකින් තොරව රිසිසේ කරගෙන යනු ලබයි. නීතිය ක්‍රියාත්මක වීම පමාවන සෑම මොහොතකම අහිංසක මහජනතාවගේ දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල් බිලියන ගණනින් මෙම ජාවාරම්කරුවන්ගේ සාක්කුවලට ගලා යයි.

 

 

 

කොටස් වෙළඳපොළේ සැඟවුණු ප්‍රොක්සි ක්‍රියාකාරකම්

වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ, සාමාන්‍ය ජනතාව රවටන කුඩා පරිමාණයේ ජාවාරම් මහ බැංකුවේ දැලට අසුවෙද්දී, ඊටත් වඩා විශාල මූල්‍ය අපරාධ පිටුපස සිටින ඇතැම් ප්‍රධාන පෙළේ පුද්ගලයින් කිසිදු බියකින් තොරව කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) නිත්‍යානුකූල සමාගම් ලෙස පෙනී සිටිමින් කටයුතු කිරීමයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඇස්වලට වැලි ගසමින් ඔවුන් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ "ප්‍රොක්සි" (Proxy) හෙවත් අතරමැදි නියෝජිතයන් හරහාය.

 

 

මේ සඳහා මෑතකාලීන කදිම උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මට්ටමින් දැඩි ආන්දෝලනයට ලක්වූ "විජේ ඊශ්වරන්" සහ ඔහුගේ ව්‍යාපාරික ජාලය දැක්විය හැකිය. අතිශය පුදුමයට කරුණක් වන්නේ මහ බැංකුව විසින් අලුතින්ම තහනම් කරන ලද ආයතන ලැයිස්තුවේ 13 වැනි ස්ථානයට ඇති "QNet / Questnet" ආයතනයද ඊශ්වරන්ගේ ව්‍යාපාරික ජාලයටම සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයක් වීමයි. ජාත්‍යන්තර වරෙන්තු පවා නිකුත් වී ඇති බවට දේශීය මාධ්‍ය වාර්තා කර ඇති ඊශ්වරන් වැනි පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ සිය ආයෝජන අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවකි.

 

 

බොහෝ විමර්ශනාත්මක වාර්තාවලට අනුව, මෙම ව්‍යාපාරික කටයුතු මෙරට තුළ මෙහෙයවීම සඳහා ඊශ්වරන්ගේ 'ප්‍රොක්සියක්' (Proxy) හෝ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන්නේ යැයි දැඩිව චෝදනා එල්ල වන්නේ "රාජු රාධා" නැමැත්තාටය. ආසියා කැපිටල් (Asia Capital PLC) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරන රාජු රාධා හරහා, ඊශ්වරන් වැනි ආන්දෝලනාත්මක පුද්ගලයින්ගේ වත්කම් ශ්‍රී ලංකාව තුළ සුරක්ෂිතව පවත්වාගෙන යාමටත්, ඒවා නීත්‍යානුකූල කොටස් වෙළඳපොළ ව්‍යාපාරික කටයුතු ලෙස සමාජගත කිරීමටත් කටයුතු සම්පාදනය කර ඇති බවට ආර්ථික හා වෙබ් මාධ්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සමාගම් නීතියේ ඇති "සමාගම් ආවරණය" (Corporate Veil) මනාව භාවිත කරමින් මෙවැනි දැවැන්ත කළු සල්ලි ජාලයන් කොටස් වෙළඳපොළ තුළ යහතින් ක්‍රියාත්මක වේ.

 

(කෙසේ වෙතත්, රාජු රාධා පාර්ශවය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ, මෙම සියලු ආයෝජන සහ කොටස් හිමිකාරීත්වයන් මෙරට නීතියට අනුකූලව විනිවිදභාවයකින් යුතුව ප්‍රකාශයට පත් කර ඇති බවත්, එය කිසිසේත්ම සැඟවුණු ප්‍රොක්සි ක්‍රියාවලියක් නොවන බවත්ය. එය තීරණය කිරීමට අයිතියක් ජනමාධ්‍යකරුවන් වන අප සතුව නොමැති අතර මහ බැංකුවේ Nandalal Weerasinghe අධිපතිවරයා සහ මහබැංකුව විසින් ඊට අදාළ පියවර ගත යුතුය.)

 

 

මහ බැංකුව හුදෙක් ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් මෙම මූල්‍ය වංචා ජාලයන් මුලිනුපුටා දැමිය නොහැක. MTFE, OnmaxDT හෝ QNet වැනි ආයතන නාමමාත්‍රිකව තහනම් කිරීමෙන් ඔබ්බට ගොස්, ඊට සම්බන්ධ ප්‍රධාන මොළකරුවන් සහ ඔවුන්ට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ නීත්‍යානුකූල මුහුණුවරකින් කටයුතු කිරීමට ඉඩ සලසා දෙන අතරමැදි නියෝජිතයන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති වුවහොත්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ජාත්‍යන්තර මූල්‍ය වංචනිකයන්ගේ සහ කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇත.

 

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

 

 

 

Right to Reply

As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.

 

Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]

 

Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

නවතම ලිපි