SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (16) අලුයම 01.10 ට පමණ කටුනායක ගුවන්

තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. ඇය සමඟ ඇයගේ පුත් රෝහිත රාජපක්ෂ ගේ නැන්දම්මා වන ඈන් ද ලිවේරා ද සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් මෙම ගමනට එක්ව තිබේ.

 

 

ඇය මෙලෙස විදෙස්ගත වන්නේ, 'සිරිලිය සවිය' පදනම හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට උපකරණ ලබාදීමේ මුවාවෙන් සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එළඹෙන සැප්තැම්බර් 24 වැනි දින මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදීය.

 

 

මෙම විමර්ශනයට පදනම් වී ඇත්තේ සිරිලිය සවිය පදනම විසින් ළමා රෝහලට 'CT ස්කෑනරයක්' ලබා දෙන බව පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් (NSB) රුපියල් මිලියන 10ක දැවැන්ත අරමුදලක් ලබාගැනීමේ සිද්ධියකි. එම මුදල් සිරිලිය පදනමේ ගිණුම්වලට බැර වී තිබුණද, අදාළ CT ස්කෑනරය මෙම අරමුදල්වලින් මිලදී ගත් එකක් නොවන බව විමර්ශනවලදී හෙළි වී ඇත. එය චීන රජයේ වාණිජ අමාත්‍යාංශය හරහා ද්විපාර්ශ්වික ණය ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා රජයට සැපයූ වෛද්‍ය උපකරණයකි.

 

 

රුපියල් මිලියන 10ක ආයතනික සමාජ වගකීම් අරමුදලක් බැංකුවකින් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් හෝ ව්‍යාපෘති යෝජනාවක් මෙහිදී ඉදිරිපත් වී නැත. අදාළ මුදල් නිදහස් කර තිබුණේ මීට පෙර මූල්‍ය දූෂණයකට අදාළව දඬුවම් ලැබූ, NSB හි එවකට සභාපතිව සිටි ප්‍රදීප් කාරියවසම් ගේ හුදු 'වාචික උපදෙස්' මත පමණි.

 

 Daily Mirror - Sri Lanka Latest Breaking News and Headlines - Print Edition  On the trail of a Jeep

 

මෙහි බරපතලම කාරණය වන්නේ සිරිලිය පදනමේ බැංකු ගිණුම් ආරම්භ කිරීමේදී අත්සන්කාරියන් විසින් ව්‍යාජ හැඳුනුම්පත් අංක ලබා දී තිබීමයි. එහිදී ශිරන්ති රාජපක්ෂ  "222222222V" ලෙසත්, ඒ.එම්.ජී.ඒ. කුමාරි  "111111111V" ලෙසත් ව්‍යාජ අංක ලබා දී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කර ඇත.

 

 

මෙවැනි ව්‍යාජ ඉලක්කම් යොදාගෙන ආරම්භ කළ ගිණුමක පරීක්ෂණ ආරම්භ කරන විටත් රුපියල් මිලියන 43.8ක මුදලක් සංසරණය වී තිබී ඇත. එසේම ගිණුමේ ලිපිනය ලෙස තංගල්ලේ "කාල්ටන් නිවසත්", දුරකථන අංකය ලෙස ජනාධිපති මන්දිරයේ නිල අංකයත් ලබා දී, රාජ්‍ය බලය යොදාගනිමින් රාජ්‍ය නොවන සංවිධාන නියාමනයන්ගෙන් මිදී ඔවුන් කටයුතු කර තිබේ.

 

අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් ගේ සෘජු උපදෙස් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

 

 

මීට පෙර ඇයව ප්‍රශ්න කිරීම් සඳහා කැඳවූ අවස්ථාවේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් එය කල් දමාගෙන තිබූ අතර, මෙය දේශපාලන පළිගැනීමක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කර තිබුණි.

 

 

එහෙත් 2023 අංක 09 දරන නව දූෂණ විරෝධී පනතේ 106(1) වගන්තිය යටතේ රාජ්‍ය අංශයේ පමණක් නොව, රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික ආයතනවල දූෂණ සෙවීමට ද අල්ලස් කොමිසමට මේ වන විට පූර්ණ බලතල හිමිව ඇත. ඒ අනුව ලබන සතියේ ඇයගේ පෙනී සිටීම විමර්ශනවල තීරණාත්මක පියවරක් වනු ඇත.

 

 

නවතම ලිපි