SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ISO 37001 (Anti-Bribery Management Systems) යනු ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී අල්ලස්

සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තරව පිළිගත් ප්‍රබලම ප්‍රමිතියයි. ටෙන්ඩර් කැඳවීම් හා සැපයුම්කරුවන් තෝරාගැනීමේදී අනිවාර්ය පූර්ව විමර්ශන ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය පාලන ක්‍රමවේද දැඩි කිරීම මින් අපේක්ෂා කෙරේ. සෛද්ධාන්තිකව ගත් කල, මෙවැනි ප්‍රමිතියක් හරහා ආයතනික හෝ රාජ්‍ය සම්පත් අවභාවිත වීම සෘජුවම වළක්වාගත හැකි අතර මහජන විශ්වාසයද තහවුරු වේ.

 

 

එහෙත්, කාලයක් තිස්සේ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති "අරක්කු ස්ටිකර් ටෙන්ඩරය" සඳහා හදිසියේම මෙම ISO 37001 සහතිකය අනිවාර්ය කිරීම පිටුපස ඇත්තේ කුමක්ද?
ISO 37001:2016 Anti-Bribery Management System – Hi-Tech Quality Consultancy

වාර්තා වන පරිදි, හෙට (අඟහරුවාදා) ප.ව. 8.30 ට සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇත. සුරාබදු කොමසාරිස් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න සහ ජනාධිපති කාර්යාලයෙන් පත්කළ ආදායම් අධිකාරියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රේමලාල් ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ටෙන්ඩරයට ඇතුළත් කළ බව කියන මෙම ISO 37001 පිරිවිතරය ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමයි.

 

 බඩු හොඳද බලන්න ඇප්එකක් එනවා – සුරාබදු දෙපාර්තමේන්තුව – Sri Lanka Mirror – Right to Know. Power to Change

 

බැලූ බැල්මට මෙය ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී දැක්මට සුරාබදු නිලධාරීන් එරෙහි වීමක් ලෙස පෙනී යා හැක. ඇතැම් සංවිධානාත්මක මාධ්‍ය මෙහෙයුම් මගින් සමාජගත කිරීමට උත්සාහ කරන්නේද එම මතයයි. එහෙත් යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය. සුරාබදු කොමසාරිස්වරයා සහ අධ්‍යක්ෂවරයා මෙම සහතිකය අනිවාර්ය කිරීමේ කොන්දේසිය ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට දරන උත්සාහය අතිශයින්ම ප්‍රායෝගික මෙන්ම නිවැරදි එකකි.

 

 

ඊට ප්‍රධානතම හේතුව වන්නේ, ISO 37001 යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට තවමත් ආධුනික ප්‍රමිතියක් වීමයි. මේ වන විටත් මෙරට සමාගම් අතරින් මෙම සහතිකය නිල වශයෙන් හිමිකරගෙන ඇත්තේ 'ඩයලොග් ආසියාටා' සමාගම පමණි. එසේනම් අරක්කු ස්ටිකරය මුද්‍රණය කිරීම සඳහා දේශීය සමාගමක් ලෙස තරඟ කිරීමට සිදුවන්නේ ඩයලොග් සමාගමටද? මෙම යථාර්ථය තුළ, හදිසියේම මෙවැනි සහතිකයක් අනිවාර්ය කිරීමෙන් සිදුවන්නේ ප්‍රමිතියක් සහිතව ටෙන්ඩරයට තරඟ කළ හැකි දේශීය සමාගම් සියල්ලටම එම අවස්ථාව ආරම්භයේදීම අහිමි වී යාමය.

 

Madras Security Printers | Devex

මෙම නාටකයේ භයානකම ජවනිකාව ඇත්තේ එතැනය. මේ වන විටත් අරක්කු ස්ටිකර් ක්‍රියාවලිය තුළ දූෂිත නාමයක් දිනාගෙන ඇති වත්මන් සැපයුම්කරු වන Madras Security Printers (MSP) වැනි සමාගම් සතුව හෝ ඔවුන් විසින් අලුතින් ඉදිරිපත් කරන නියෝජිත සමාගමක් (Proxy) සතුව මෙම ISO 37001 සහතිකය තිබිය හැකිය. ඒ අනුව, "අල්ලස සහ දූෂණය වැළැක්වීමේ" පිරිවිතරය හරහාම යළිත් ටෙන්ඩරය දිනාගැනීමේ ඒකාධිකාරිය නිතැතින්ම හිමිවන්නේ මේ කියන දූෂිත සමාගම් ජාලයටමය. මෙය දෛවයේ සරදමකි.

 

 

මාධ්‍ය කුලීකරුවන් හරහා වත්මන් සැපයුම්කරුවන් විසින්ම සමාජගත කරමින් සිටින අලුත්ම ප්‍රලාපය වන්නේ, සුරාබදු නිලධාරීන් මෙම පිරිවිතරය ඉවත් කිරීමට හදන්නේ MSP සමාගමට වාසියක් ලබාදීමට බවයි. එය  MSP සමාගම විසින්ම ජනගත කෙරෙන අමුලික මුසාවකි. සත්‍යය නම්, මෙම සහතික කොන්දේසිය ඉවත් කළහොත් අදාළ දූෂිත සමාගමට දේශීය ව්‍යවසායකයින් සමඟ විවෘතව තරඟ කිරීමට සිදුවීමයි. තමන්ට පමණක් ඇති සහතිකයකින් දේශීය තරඟකරුවන් කපා හැර, වෙනත් නමකින් හෝ පැමිණ ටෙන්ඩරය කොල්ලකෑමේ ඔවුන්ගේ කුරුමානම වැළකෙන්නේ සුරා බදු ලොක්කන් යෝජනා කරන පරිදි මෙම කොන්දේසිය ප්‍රායෝගිකව සංශෝධනය කළහොත් පමණි.

 

 Offenders will face consequences, regardless of rank or status." – President Anura Kumara Dissanayake

 

 

එබැවින්, ජනාධිපතිවරයා ද මෙම ගැටලුව දෙස වඩාත් විවෘතව බැලිය යුතුය. එකවරම ISO 37001 සහතිකය අනිවාර්ය කිරීමෙන් සිදුවන්නේ දේශීය ව්‍යාපාරිකයන්ගේ ගෙල සිරවීමත්, ඒකාධිකාරියක් පවත්වාගෙන ගිය සමාගම්වලටම යළිත් රජ මඟ පෑදීමත්ය. ඊට වඩා ප්‍රායෝගික උපායමාර්ගය වන්නේ, නිසි ලෙස බදු ගෙවන දේශීය සමාගම්වලට ටෙන්ඩරයට තරඟ කිරීමට අවස්ථාව ලබා දී, අදාළ සහතිකය ලබාගැනීම සඳහා සාධාරණ කාලසීමාවක් (Pending Period) ලබා දීමයි. හෙට දිනයේදී සුරාබදු නිලධාරීන් විසින් මෙම පිරිවිතරය තාවකාලිකව හෝ ඉවත් කරන්නේ නම්, එය ජනාධිපතිවරයාගේද සැබෑ අරමුණ වන "තරඟකාරීත්වය සහ දේශීය කර්මාන්ත නගාසිටුවීම" ප්‍රායෝගිකව තහවුරු කරන ඥානාන්විත තීරණයක් වනු ඇත.

 

 

#NayomiSubramaniyam

නවතම ලිපි