SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 'හයි පර්ෆෝමන්ස්' (High Performance) හෙවත් අධි තාක්ෂණික

ඒකකය තුළ ක්‍රියාත්මක වනවා යැයි පැවසෙන ආගමික කල්ලිවාදයක්, දූෂණ, අක්‍රමිකතා සහ පක්ෂපාතී පත්වීම් පිළිබඳව බරපතළ හෙළිදරව්වක් සිදුකරමින් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය විසින් පළකරන ලද විශේෂ ලිපියක් පහතින් දැක්වේ. පුහුණුකරුවන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර, නීතිවිරෝධී පෞද්ගලික පුහුණු කිරීම්, අන්තර්ජාතික පිළිගැනීමක් නොමැති පුහුණු පාඨමාලා හරහා සිදුවන වංචාවන් මෙන්ම, ක්‍රිකට් ක්‍රීඩාවේ යහපැවැත්ම වෙනුවෙන් පත්කළ පරිවර්තන කමිටුවල අසාර්ථකත්වය පිළිබඳව ද මෙමගින් දැඩිව විවේචනයට ලක් කර ඇති අතර, ඛෙත්තාරාමයේ පිහිටි මෙම මධ්‍යස්ථානය අද වන විට ක්‍රීඩකයන් හූරාකන 'නෝපර්ෆෝමන්ස්' (No-performance) මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති ආකාරය මෙහි සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇත.

 

 Sri Lanka Cricket Team | SL News, Matches, Results, Squad | Cricinfo

 

ශ්‍රී ලංකා ක්‍රිකට්'හි 'හයිපර්ෆොමන්ස්' අංශය පාලනය කරන මේ ආගමික කල්ලිය කව්ද ?

ඊනිවුස් විශේෂ වාර්තාකරුවකු විසිනි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 'හයි පර්ෆෝමන්ස්' හෙවත් 'අධි තාක්ෂණ' අංශය කියන්නේ අපූරුම ස්ථානයක් බව බොහෝ දෙනා දන්නෙ නැහැ. ඛෙත්තාරාමයේ පිහිටි මේ අංශය එක්තරා ආගමික නිකායක් මගින් පාලනය කෙරෙන බව ප්‍රසිද්ධ රහසක්. මෙහි සිටින ලොක්කන් වැඩි දෙනෙක්  මෙම නිකායේ ප්‍රබල අනුගාමිකයන් වගේම එය ප්‍රචලිත කිරීමත් ප්‍රසිද්ධියේම කරන පුද්ගලයන්.

 

 

පුහුණුකරුවන්ගේ පඩියෙන් 20%ක් නිකායේ ලොක්කාට...

මේ අතර ජෙරොම් ජයරත්න, රුවන් කල්පගේ, හේෂාන් ද මෙල් වැනි අංශ ප්‍රධානීන් මෙන්ම රොජර් විජේසූරිය, දුමින්ද පෙරේරා, ඉෂාර අමරසිංහ, සජීව වීරකෝන් වැනි පුහුණුකරුවන්ද මේ ආගමික නිකාය කල්ලියේ මුල් තැනක් ගනු ලබනවා. මේ හේතුවෙන් මේ අයට එහි විශේෂ වරප්‍රසාද හා සංචාර අවස්ථා හිමි වන බව නොරහසක්. මොවුන්ගේ වැටුපෙන් 20% ක් මෙම නිකායේ ලොක්කාට ලබා දෙන බවත් කියවෙනවා. මෙහි සිටින ඇතැම් පුහුණුකරුවන් කේළාම් කියමින් තම කොන්ත්‍රාත් අලුත් කර ගැනීම් හා පඩි වැඩි කර ගැනීම් සිදු කරන බව තවත් ප්‍රසිද්ධ කරුණක්.

 

 ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව නිල වශයෙන් රාජකාරී අරඹයි - Rathu Ira Newspaper

 

 

60 පැන්න වේගපන්දු පුහුණුකරු පිතිකරුවන් පුහුණුවට...

නිළියන් හා නිරූපිකාවන් එහි ගෙන්වා ගැනීම නිසා රැකියාව අහිමි වූ එක් හැට පිරුණු වේග පන්දු පුහුණුකරුවෙක් අන් සියල්ලටම වඩා වැඩි වැටුපකට යළි වැඩට පැමිණ කරන්නේ පිතිකරුවන් පුහුණුකිරීමයි. ඔහු පිතිකරුවන්ට අඟවන්නේ තම උපදෙස් අනුව ක්‍රීඩා කළොත් තේරීම් කමිටුවට කියා ඔවුන් සංචාරයකට එක් කරවන බවයි. මොහුට වේග පන්දු පුහුණුව මිසක් පිතිකරණ පුහුණුවේ යෙදිය නොහැකි බව රැකියාව යළි ලබා දීමේදී පවසා සිටියත් ඔහු පිතිකරුවන් පුහුණු වන දැල් වටා යමින් තවමත්  ඔවුන්ට උපදෙස් දෙන බවත් වාර්තා වෙනවා. 

 

 

හොරෙන් පුද්ගලික පුහුණුවීම් කරන පුහුණුකරුවෝ...

හයිපර්ෆෝමන්ස් පුහුණුකරුවන්ට ඉහළ වැටුපක් ගෙවන නිසා පෞද්ගලික පුහුණු පන්ති පැවැත්වීම තහනම් වුවත් මොවුන්ගෙන් වැඩි දෙනකු තවමත් සති අන්තයේ හා රාත්‍රි කාලයේ හොරෙන් පෞද්ගලික පුහුණුවීම් සිදු කරන බව දැන දැනත් මෙහි ලොක්කන් ඇස් කන් වසාගෙන සිටී. ඒ ඔවුන්ටද සැළකීම් ලැබෙන නිසාය.මෙසේ හොරෙන් පෞද්ගලික  පුහුණු සැසි පවත්වන්නන් ඒ සඳහා එක් ක්‍රීඩකයකුගෙන් පැයකට විශාල මුදලක් අය කරන බවත් මෙම ක්‍රීඩකයන්ගේ දෙමව්පියන්ට අදාල ක්‍රීඩකයන් ජාතික සංචිත වලට ඇතුළත්  කරන බවට මොවුන් පොරොන්දු වන බවත්  පැවසෙනවා.

 

 ක්‍රිකට් පරිවර්තන කමිටුව ස්වාධීනයි“ – කමිටු සභාපති ඉරාන් - Sri Lanka Cricket

 

 

කෑමෙනුත් ගසාකන්නෝ...

පුහුණුව සඳහා ඛෙත්තාරාමයට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කෑම වලින්ද මොවුන් ගසා කෑම් සිදු කරන බව ක්‍රීඩකයන් හොඳින් දන්නා එහෙත් පාලකයන් නොදන්නා කරුණක්.මෙසේ කෑම වලින් ගසා කෑ එක් කාන්තා පුහුණුකරුවකු මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටී.

 

මෙහි පුහුණු අධ්‍යයන අංශයද ශරීර හොරුන්ගෙන් සමන්විත අංශයක් වන අතර එහි ප්‍රධානියා ඇතුළු උපදේශකයන් වැඩි දෙනකු හරි හැටි ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදුනු බොරු කාරයන් පිරිසක් බවත් දන්නෝ දනිති. මොවුන් විසින් මෙහෙයවනු ලබන ලෙවල් 1,2,3 පාඨමාලා අයිසීසිය මගින් පිළි නොගන්නා මෙරටට පමණක් වලංගු සහතිකයක් බව සහතික ලාභීන් දැන ගන්නේ එය රැගෙන වෙනත් රටකට ගිය පසුවය.

 

පසුගියදා මෙහි ප්‍රධානී රුවන් කල්පගේ විසින් අලුතින් සිදු කළ පුහුණුකාර පත්වීම් සියල්ල ඔහුගේ හිතුමතයට කළ ඒවා බවට චෝදනා රැසකි.

 

 

හොර ගුහාවක් වූ 'නෝපර්ෆෝමන්ස්'... 

ප්‍රාදේශීය මට්ටමින් කරන ලද පත්වීම් ඔහුට හා හිටපු උප සභාපති රවින් වික්‍රමරත්නගේ ගොට්ටන් සතුටු කිරීම සඳහා කළ පත්වීම් බවත් කියවෙන අතර එම පත්වීම් දීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ ආකාරය පිළිබ‍ඳව අසාධාරණ ලෙස කැපී ගිය පුහුණුකරුවන් පිරිසක් අධිකරණයට යාමටද නියමිතය. මෙම පත්වීම් සාධාරණීකරණය කරන පරිවර්තන කමිටු සාමාජික රොෂාන් මහානාම පිළිබඳවද  ඔවුන් තුළ ඇත්තේ බලවත්  අප්‍රසාදයකි.ඔවුන් පවසන්නේ රොෂාන් මහානාම රුවන් කල්පගේ තිරුවාන ගලක් පෙන්වා මැණිකක් කීවත් පිළිගන්නා බවයි.

 

මෙවැනි හොර ගුහාවක් බඳු  හයිපර්ෆෝමන්ස්  මධ්‍යස්ථානය නම් කළ යුත්තේ නෝපර්ෆෝමන්ස් මධ්‍යස්ථානයක් ලෙසයි. 

 

පරිවර්තනයක් කරන්නට කියා ජනාධිපතිවරයා ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් පරිවර්තන කමිටුවක් පත් කළත් ලංකාවේ ක්‍රිකට් තවමත් යන්නේ පරණ පාරේම බව කනගාටුවෙන් වුවත් පැවසිය යුතුය.

 

 


විශේෂ වාර්තාකරුවකු විසිනි.

(ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

 

 

 

නවතම ලිපි