SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෑතකදී පළ වූ ප්‍රවෘත්තියකට අනුව ශ්‍රී ලංකා රේගුව තුළ නිෂ්කාශනය (Clear) නොකළ

වාහන 2025ක් පමණ ඇති බවට වාර්තා විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ, රේගුව විසින් මෙම 2025 යන නිශ්චිත සංඛ්‍යාලේඛනය ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව තම සංගමයට ගැටලුවක් පවතින බවයි.

 

 prasad_manage.jpeg

 

 

කෙසේ වෙතත්, රේගුව තුළ යම් වාහන ප්‍රමාණයක් සිරවී ඇති බව ඒ මහතා පිළිගනී. ඔහු පෙන්වා දෙන පරිදි, 2020 වසරට පෙර ලංකාවට ආනයනය කරන ලද වාහන 550ත් 600ත් අතර ප්‍රමාණයක් මෙලෙස සිරවී ඇති අතර, ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය රජය සමයේ සිදුවූ තීරුබදු (Duty) වෙනස්වීම් ය. මීට අමතරව, ලොරි සහ බස් රථ 180කට අධික ප්‍රමාණයක් ද ලියකියවිලි සම්බන්ධ ගැටලු හේතුවෙන් රේගුව භාරයේ පවතින බව ඔහු සඳහන් කළේය.

 

 

 

තම සංගමයේ සාමාජිකයන් වන නිල වාහන ආනයනකරුවන් විසින් ගෙන්වන ලද වාහන, ලියකියවිලි නොමැතිව රේගුවේ සිරවී නොමැති බව සභාපතිවරයා දැඩිව අවධාරණය කරයි. බොහෝවිට මෙලෙස ලියකියවිලි නොමැතිව සිරවී ඇත්තේ පුද්ගලික මට්ටමින් (Individual importers) වෙනත් පුද්ගලයන් හරහා වාහන ආනයනය කළ අයගේ රථවාහනයි.

 

 

 

ජපානය, එංගලන්තය වැනි රටවලින් වාහන ගෙන්වීමේදී ව්‍යාජ අපනයනකරුවන්ට මුදල් ගෙවීම් සහ ලියකියවිලි වල පවතින දෝෂ මීට ඍජුවම බලපා ඇත. වාහනයක් මිලදී ගැනීමේදී ප්‍රදර්ශනාගාරයකට ගොස්, වාහනය සහ එහි ලියකියවිලි මැනවින් පරීක්ෂා කර, මිල සාකච්ඡා කර අදාළ මිලදී ගැනීම් සිදුකරන ලෙස තම සංගමය නිරතුරුවම ජනතාවට උපදෙස් දෙන්නේ මේ නිසා බවද හෙතෙම පෙන්වා දෙයි.

 

 1778922841.jpeg

 

 

වසර ගණනාවක් තිස්සේ රේගුව තුළ නතර වී ඇති මෙම වාහන දිරාපත් වී සම්පූර්ණයෙන්ම විනාශ වීමට පෙර ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගැනීමේ දැඩි අවශ්‍යතාවය ද ප්‍රසාද් මානගේ පෙන්වා දෙයි. මේ සඳහා රේගුව මැදිහත් වී, අදාළ දෝෂ නිවැරදි කර දඩ මුදලක් (Penalty) අයකිරීම මඟින් හෝ වෙන්දේසි කිරීම වැනි යම් ක්‍රමවේදයක් හරහා මෙම වාහනවලින් ප්‍රයෝජනයක් ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතුව ඇත. එසේ නොවුණහොත්, වාහන සම්පූර්ණයෙන්ම දිරාපත් වූ පසු කොතරම් වෙන්දේසි කළ ද ඉන් රටට කිසිදු ඵලක් අත් නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 

නවතම ලිපි