SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පාරිභෝගිකයා ගසාකන ව්‍යාපාරිකයන්ට කදිම පාඩමක් උගන්වමින්, ගම්පොළ රෝහල් පාරේ පිහිටි

“කසාගල ග්‍රීන් සුපර්” (Kasagala Green Super Pvt Ltd) ආයතනයට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම වී තිබේ. ඒ, රජයේ පාලන මිල වූ රුපියල් 230 අභිබවා දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 240 බැගින් අලෙවි කිරීමේ වරදටයි.

 

 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් නිලධාරීන් විසින් ජූනි 23 දා සිදුකළ වැටලීමකදී මෙම වංචාව හෙළි වූ අතර, ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ සමාගම සිය වරද පිළිගැනීමෙන් පසු පසුගිය 14 වනදා මෙම දඩය නියම කෙරිණි.

 

 

images.jpeg 

 

මහ පොළොවේ වගා නොකර, මහ මොළයෙන් මුදල් වගා කරන වගා පිරමීඩ ජාවාරම!

කසාගල ග්‍රීන් සුපර් මෙවැනි සිල්ලර වෙළෙඳ වංචාවන් නීතියේ රැහැනට කොටු වෙද්දී, අනෙක් පසින් මහා පරිමාණ පිරමීඩ වංචාවන් දේශීය ආර්ථිකය තුළ මේ දිනවල දියත් වෙමින් පවතී. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිගින් දිගටම ජනතාවට අනතුරු අඟවන අතිශය භයානක "පිරමීඩ වගා ව්‍යාපාර" ජාවාරමයි. ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් වගා ව්‍යාපාර හරහා ජනතාවගේ මුදල් කොල්ලකන මෙම පිරමීඩ ජාලයන්ගෙන් දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස මහ බැංකු අධිපතිවරයා ජනතාවට අවධාරණය කරයි.

 

යම් අයෙකු මෙවැනි ව්‍යාජ ආයෝජන සඳහා මේ වන විටත් මුදල් ලබා දී ඇත්නම්, වහාම අදාළ සමාගම්වලින් එම මුදල් ආපසු ඉල්ලා සිටින ලෙස මහ බැංකුව දැනුම් දෙයි. එසේ මුදල් යළි ලබා දීම අදාළ පිරමීඩ සමාගම් විසින් ප්‍රතික්ෂේප කරන්නේ නම්, වහාම ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි කරන ලෙස ද වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

 

 kasa_gala_3.jpeg

 

 

මුදල් පසුපස හඹාගොස් පසුතැවිලි නොවන්න!

කීයක් හෝ ඉතිරි කරගත් ලාංකිකයා, කඩිනමින් සල්ලි වගා කරගැනීමේ ආශාවට හසුවීම අතිශය ඛේදජනකය. කිසිදු නීත්‍යානුකූල පදනමක් හෝ සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියක් නොමැතිව, අහසින් මුදල් වැටේ යැයි සිතා මෙම පිරමීඩ වගා ව්‍යාපාරවලට තම දහදිය මහන්සියෙන් උපයාගත් මුදල් යෙදවීම තමන් විසින්ම තමන්ගේ වළ කපා ගැනීමකි.

 

හාල් කිලෝවෙන් පාරිභෝගිකයා සූරාකන ‘කසාගල’ වැනි ආයතනත්, සුරංගනා කතා කියමින් ලක්ෂ ගණනින් මුදල් කොල්ලකන පිරමීඩ වගා ජාවාරම්කරුවනුත් එකම කාසියක දෙපැත්තකි. බුද්ධිය පසෙක ලා කෑදරකම පෙරටු කරගනිමින් මේවායේ මුදල් ආයෝජනය කර, පසුව හිස අත්බැඳගෙන මහා පාරට බැස හඬා වැටෙන්නට පෙර වහාම අවදි වන්න. ඔබගේ ධනය ආරක්ෂා කරගැනීම ඔබගේම වගකීමකි!

නවතම ලිපි