මයික්රො සහ නැනෝ,
ප්ලාස්ටික් ක්ෂුද්‍ර ජීවීන්ගේ ජෛව ක්රියාකාරිත්වය කෙරෙහිසැලකිය යුතු ඍණ බලපෑමක් කරන බවත්, මෙහි ප්රතිපලයක් විදියට E coli වැනි රෝග කාරක බැක්ටීරියාවල විෂ සහිතභාවය වැඩි කෙරෙන බවත්, එකී බැක්ටීරියාවල ජානවල පවා වෙනස්කම් ඇති කෙරෙන බවත් නවතම විද්‍යාත්මක අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.
නැනෝප්ලාස්ටික් දැනටමත් පරිසරයේ බහුලව පැතිරී ඇති බැවින් විශේෂයෙන් පස සහ ජල මූලාශ්‍ර බොහෝ ප්රමාණයක් මයික්රො සහ නැනෝප්ලාස්ටික් වලින් දූෂණය වී තිබීම සැලකිල්ලට ගත්තාම මෙම අන්තර්ක්‍රියා ආහාර සහ ජලය මගින් බෝවන රෝග කාරක කළමනාකරණය කිරීම වඩාත් අපහසු කළ හැකි තත්වයක් නිර්මාණය කරනු ඇත. මෙය ලොව මුහුණ දෙන බිහිසුණු සෞඛ්‍ය අවදානමක් වෙනවා නිසැකය.
ඒ අනුව ප්ලාස්ටික් පෙලට්ස් අපනයනය කරන අංක එකේ ප්ලාස්ටික් දූෂකයා වූ චීනයේ සහ මෙරට ප්ලාස්ටික් පොලිතීන් වෙළෙන්ඳන්ගේ උවමනාවන් වලට යට නොවී ප්ලාස්ටික් භාවිතය, නිෂ්පාදනය, ආනයනය දැඩි සේ පාලනය කළ යුතුව ඇති අතර, පරිසර හිතකාමී විකල්ප කරා අප වහ වහා නැඹුරු විය යුතුව යුතුව තිබෙන බවත්, ප්ලාස්ටික් පොලිතීන් භාවිතයේ දී සහ පරිසරයට බැහැර කිරීමේදී දැඩි නියාමනයක් සහ පාලනයක් කළ යුතුව තිබෙන බවත් මෙම පර්යේෂණ අවදාරණය කරනු ලබයි.
@ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක.
දෙහිවල ගල්කිස්ස මහානගර සභාව