SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


එළඹෙන ඔක්තෝම්බර් 27 වැනිදා එනම් හෙට ඊශ්‍රායලයේ ජීවත්වෙන ලක්ෂ 73ක ජනතාව

ඉදිරි අවුරුදු හතර වෙනුවෙන් තමන්ගේ රටේ ඉරණම තීරණය කරන්න බාරදෙන්නේ කාටද කියලා තීරණය කරන්න නියමිත වෙනවා. සරලවම කිව්වොත් මේ පැවැත්වෙන්නේ ඊශ්‍රායල් මහ මැතිවරණය. මේ මැතිවරණය ඉතාම වැදගත් සහ තීරණාත්මක එකක්වෙන්නේ ගාසා තීරයේ, බටහිර ඉවුරේ, ඉරානයේ වගේම ලෙබනනයේ සිදුකරපු මිලිටරි මැදිහත්වීම්වලට පස්සේ පැවැත්වෙන මුල්ම මහ මැතිවරණය මේක නිසා.

 

 

 

විශේෂයෙන්ම ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ට සහ ආන්ඩුවට මේ යුදගැටුම් නිසා සමූල ඝාතන චෝදනා එල්ලවෙද්දි, සහ නෙතන්යාහුට එරෙහිව මූල්‍ය අක්‍රමිකතා ඇතුළු චෝදනා ගණනාවකට අදාලව පරීක්ෂණ සහ නඩු ක්‍රියාත්මක වෙමින් තියන වටපිටාවකදි පැවැත්වන ඡන්දයක් නිසා, මුළු ලෝකයම ඊශ්‍රායල් ඡන්දේ ගැන අවධානයෙන් ඉන්නවා කියන එක රහසක් නෙවෙයි.

 

 

Israel's Election: Understanding Who's Who and What's at Stake | Council on  Foreign Relations

 

 

මේ මහ මැතිවරණයේදී ඊශ්‍රායල් පාර්ලිමේන්තුව (Knesset) වෙනුවෙන් නියෝජිතවරු 120ක් පත්කරගන්න නියමිත වෙනවා. ඒ අවුරුදු 4ක ධූර කාලයක් වෙනුවෙන්. මේ මැතිවරණයට අවුරුදු 19ක් තිස්සේ ඊශ්‍රායලයේ අගමැතිවරයා විදිහට කටයුතු කරන බෙන්ජමින් නෙතන්යාහු තරඟ කරනවා. ඊශ්‍රායල් ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයෙක්ට ධුරය දරන්න පුළුවන් වාර ගණනේ සීමාවක් නැති නිසා, නෙතන්යාහු තවත් වාරයක් අගමැති පුටුවේ වාඩිවෙන්න බලාගෙන මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

 

 

අවසන් වතාවට 2022 පැවැත්වුණු ඊශ්‍රායල් මහ මැතිවරණයේදී බෙන්ජමින් නෙතන්යාහු නියෝජනය කරපු ලිබරල් ජාතික පක්ෂය ප්‍රමුඛ දක්ෂිණාංශික සන්ධානය බහුතර නියෝජිත මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවේ ආන්ඩු බලය ලබාගන්න සමත්වුණා. මේ සන්ධානය සමස්ත ආසන 120න් ආසන 64ක් ජයග්‍රහණය කරද්දි, නෙතන්යාහුගේ ලිබරල් පක්ෂය එයින් මන්ත්‍රීධූර 32ක් හිමිකරගත්තා.

 

Israel's elections 2026 explained in maps and charts | Israel Election 2026 News | Al Jazeera

 

 

ප්‍රධානම ප්‍රතිවාදියා වුණු යේර් ලැපිඩ්ගේ යේෂ් ඇටිඩ් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ලබාගන්න පුළුවන් වුණේ ආසන 51ක් විතරයි. ඉතිරි නියෝජිත ධූර හිමිකරගත්තේ අරාබි පක්ෂ කිහිපයක් විසින්. මේ මැතිවරණය පැවැත්වෙද්දිත් නෙතන්යාහුට එරෙහිව මූල්‍ය වංචා සහ අල්ලස් සම්බන්ධයෙන් නඩු විභාගවෙමින් තිබුණා.

 

Yair Lapid | Biography, Party, Prime Minister, & Facts | Britannica

Yair Lapid

 

 

 

 

2026 ඊශ්‍රායල් මැතිවරණය පැත්තට හැරෙද්දි, මේ මැතිවරණයේදී මිලියන 3කට ආසන්න ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීන ජනතාවට ඡන්ද වරම් හිමිවෙන්නේ නෑ. ඊශ්‍රායලය තුළ ඉන්න පලස්තීන ජනතාවට මැතිවරණය වෙනුවෙන් ඡන්දය පළකරන්න අවස්ථාව ලැබෙනවා.

 

 

මේ වෙද්දි ඊශ්‍රායලය තුළ ජීවන වියදම සෑහෙන්න ඉහළ ගිහින් තිබෙනවා. 2023ට පස්සේ වැඩිම උද්ධමන අගය වාර්තා වෙමින් තියනවා. ඒ නිසා මේ මැතිවරණයේදී ඊශ්‍රායල් ජනතාව මේ ගැන වැඩි අවධානයක් යොමුකරලා තමන්ගේ ඡන්දය පලකරන්න ඉඩ තියනවා. ඒ වගේම ගාසා තීරය, ලෙබනන් යුද්ධය වගේම ඉරානයට එරෙහි ස්ථාවරය මොකක්ද කියන එකත් තීරණාත්මකයි. පහුගිය මාස කිහිපයක් පුරාම ඉරාන ප්‍රහාරවලට බයෙන් ආරක්ෂිත ස්ථානවල රැඳෙන්න වීම, ප්‍රධාන නගර ගණනාවකට හානි සිදුවීම වගේ හේතු නිසා ඊශ්‍රායල් ජනතාව වැඩි කැමැත්තක් දක්වන්නේ සාමය පැත්තට බව පෙනෙන්න තියනවා. ඒත් ඊශ්‍රායලය තුළ නෙතන්යාහුගේ යුද මානසිකත්වයට කැමැත්ත දක්වන පිරිසත් ඉහළයි.

 

Economy Israel Falling Down Arrow Flag Stock Illustration 2309153909 |  Shutterstock

මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන වයස 76ක් වන නෙතන්යාහු අන්ත දක්ෂිණාංශික පක්ෂ කිහිපයක් එක්ක එකතුවෙලා සන්ධනාගතවුණා. ඉටමාර් බෙන්-ගිව්ර් සහ බෙසාලෙල් ස්මොට්රිච් මේ අතින් ඉදිරියෙන්ම ඉන්න පක්ෂ නායකයින්. ඒත් නෙතන්යාහුට ඊශ්‍රායලය තුළම මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙනවා වගේම, අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරපු පුද්ගලයෙක් නිසා මේ මොහොත වෙද්දි නෙතන්යාහුට යම්කිසි අභියෝගයක් තියනවා.

 

 

Opinion | The Man Who Humbled Qassim Suleimani - The New York Times

 

නෙතන්යාහුට අභියෝග කරන ප්‍රධානම අපේක්ෂකයා වෙන්නේ හිටපු ඊශ්‍රායල් හමුදාපති ගැඩී ඉසෙන්කොට්. නෙතන්යාහුගේ යුදමය මැදිහත්වීම්වලට දිගින් දිගටම විරෝධය දක්වන ගැඩී, ඊශ්‍රායලය සහ ඇමෙරිකාව අතරේ සන්ධානය දැඩිව විවේචනයට ලක්කරනවා.

 

 

පැහැදිලිව පෙනෙන් තියන දේ තමයි මේ පාරත් කිසිම තනි පක්ෂයකට ආසන 61ක සීමාවට එන්න බැහැ කියන එක. ඒ නිසා නියත වශයෙන්ම සන්ධානගතවෙලා ආන්ඩුවක් පිහිටුවන්න සිද්ධවේවි. ඒ වගේම ඇතැම්විට කරට කර සටනක් නිර්මාණය වෙලා අවසානයේ ආන්ඩුවක් පිහිටුවන්න තරම් ශක්තියක් එක සන්ධානයකටවත් නැතිවේවි කියලත් මත පලවෙනවා. එහෙම වුනොත් නැවත වතාවක් දවස් 14කට පස්සේ ඊශ්‍රායල් ජනතාවට නැවත වතාවක් මැතිවරණයකදි තමන්ගේ මතය පලකරන්න වේවි.

 

 

 

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

#Janaranga Wijaindu Dewasurendra

නවතම ලිපි