SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 රාජ්‍ය අනුග්‍රහය ලබන විදේශීය මාර්ගගත වංචා සහ මාෆියා ජාලයේ අඳුරු සෙවනැලි

 

 

කාම්බෝජය, ලාඕසය සහ මියන්මාරය වැනි රටවල් කේන්ද්‍ර කරගත් කුප්‍රකට ‘රන් ත්‍රිකෝණයේ’

(Golden Triangle) ක්‍රියාත්මක වන ආකාරයේ දැවැන්ත චීන මාෆියාවක් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු කොටසක් ග්‍රහණයට ගැනීමේ පුළුල් මෙහෙයුමක් මේ වන විට දියත් කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වී තිබේ.

 

 

පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ නිලධාරීන්ගේ සහය මේ සඳහා ලැබී ඇති බවද, චීනයට ඇතුළුවීම පවා තහනම් කර ඇති පරිගණක වංචා සම්බන්ධයෙන් චෝදනා ලත් චීන ජාතිකයන්ට ශ්‍රී ලංකාව තුළ පදිංචි වීමේ අවසර පත්‍ර පවා නිකුත් කර ඇති බවද එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

 

 

 

වසංගතයක් සේ පැතිරෙන ජාත්‍යන්තර සයිබර් අපරාධ ජාලය

අග්නිදිග ආසියානු කලාපයේ සෙසු රටවල් මෙම නීතිවිරෝධී ජාල මර්දනයට දැඩි පියවර ගැනීමත් සමඟ, මාර්ගගත මූල්‍ය වංචා (Online Scamming) සහ නීතිවිරෝධී මාර්ගගත සූදු (Online Gambling) සංවිධානාත්මක කණ්ඩායම් ශ්‍රී ලංකාව සිය නව මෙහෙයුම් මධ්‍යස්ථානය කරගනිමින් සිටින බව වාර්තා වේ. මේ වන විටත් මෙවැනි අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන, ඉන්දුනීසියානු, වියට්නාම් සහ මියන්මාර ජාතිකයන් 5000කට අධික පිරිසක් දිවයිනට ඇතුළු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

 

සයිබර් අපරාධ-අපචාර දැනුවත් කිරීමට පාසල් ඉලක්ක කර ආරක්ෂණ වැඩසටහනක් - දිනමිණ

 

ආයතනික දූෂණය සහ ඉහළ නිලධාරීන්ගේ අනුග්‍රහය

මෙම සැකකටයුතු විදේශිකයන් වෙත වාස වීසා (Residence Visa) සහ ව්‍යාපාරික වීසා (Business Visa) ලබාදීමේ සම්පූර්ණ ක්‍රියාවලිය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශය හරහා පාලක ජනරාල් චමින්ද පතිරාජගේ අනුදැනුම මත සිදුවන බවට බරපතළ ගැටලු මතුව තිබේ. කටුනායක ගුවන්තොටුපළ නිලධාරීන් විසින් සැකකටයුතු විදේශිකයන් හඳුනාගෙන ඔවුන් රටට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමට නිර්දේශ කළ අවස්ථාවලදී පවා, ඉහළ මට්ටමේ මැදිහත්වීම් හරහා එම නිර්දේශ නොසලකා හැර ඇති බව තහවුරු වී ඇත. එපමණක් නොව, 2026 මාර්තු 29 වන දින නවක නිලධාරීන් අමතමින්, මෙම සැකකටයුතු පුද්ගලයන් අපහසුතාවයට පත් නොකර කඩිනමින් නිෂ්කාශන කටයුතු සිදුකරන ලෙසට පාලක ජනරාල්වරයා උපදෙස් දී ඇති බවද වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ ආගමන හා විගමන නිලධාරීන් සමඟ පැවති රැස්වීම්වලදී ද සැකකටයුතු විදේශිකයන් ගුවන්තොටුපළේදී ප්‍රශ්න කිරීමෙන් වළකින ලෙස පාලක ජනරාල්වරයා විසින් උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු ඇත.

 

සයිබර් අපරාධ පැමිණිලිවලට රට වටා සීඅයිඩී ඒකක 9ක්... - aithiya

 

 

අල්ලස, සාද සහ වරාය නගරයේ මෙහෙයුම්

නීතිවිරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සිදුකරන බවට සැකකෙරෙන කොළඹ වරාය නගරයේ (Colombo Port City) පිහිටි Port City BPO ආයතනය සම්බන්ධයෙන්ද බරපතළ තොරතුරු හෙළිවී තිබේ. ස්වාභාවික ආපදාවලින් විපතට පත්වූවන්ට ආධාර කිරීමේ මුවාවෙන් 2025 දෙසැම්බර් 05 වන දින මෙම ආයතනය විසින් රජයේ නිල ආපදා අරමුදලකට මුදල් බැර කරනවා වෙනුවට රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් සෘජුවම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.

 

How To Apply For Sri Lanka Residence Visa | Counselit 2026

 

මෙම පරිත්‍යාගයට කෘතගුණ දැක්වීමක් ලෙස පාලක ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරී භෝජනාගාරයේදී අදාළ ආයතනයේ ඉහළ පෙළේ පිරිස් වෙනුවෙන් සාදයක් පවත්වා තිබේ. මෙම නීතිවිරෝධී මාර්ගගත සූදු ව්‍යාපාරයේ මහමොළකරුවෙකු ලෙස සැලකෙන Port City BPO ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, මැලේසියානු ජාතික ගැරී ලී සියැටන් (Gary Lee Seaton) මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර, ඔහු හා පාලක ජනරාල්වරයා අතර සමීප සබඳතාවක් පවතින බව හඳුනාගෙන ඇත. තවද, 2026 අප්‍රේල් 09 වන දින කොළඹ ITC රත්නදීප හෝටලයේදී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇත්තේද නීතිවිරෝධී සූදු ව්‍යාපාර සමඟ සම්බන්ධ යැයි සැකකෙරෙන ආයතනයක් විසිනි.

 

 

විමර්ශන යටගැසීම සහ සමාජය නොමඟ යැවීම

පාලක ජනරාල්වරයාගේ මෙම ක්‍රියාකලාපයට පූර්ණ ආවරණයක් සහ සහාය සපයනු ලබන්නේ දෙපාර්තමේන්තුවේ විමර්ශන පාලක, විපුල් කාරියවසම් විසිනි. මොහු විසින් වරාය නගරය ආශ්‍රිතව සිටින ප්‍රධාන ජාලයන් වැටලීම සිදුනොකර, ඉන් බාහිර ප්‍රදේශවල සිටින විදේශිකයන් පමණක් වටලා නීතිය ක්‍රියාත්මක කරන බවට බාහිර සමාජයට පෙන්වීමට කටයුතු කර ඇත. ගුවන්තොටුපළ නිලධාරීන්ට බලපෑම් කිරීමේදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරමින් පාලක ජනරාල්වරයාගේ වුවමනාවන් ඉටුකරන්නේද මෙම නිලධාරියා බව වාර්තා වේ.

 

 

The TSA is a waste of money that doesn't save lives and might actually cost  them | Vox

 

 

ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති දැවැන්ත තර්ජනය

මෙම තත්ත්වය හුදෙක් පුද්ගලයන් කිහිපදෙනෙකුට සීමා වූ සාමාන්‍ය ගැටලුවක් නොව, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව, දේශසීමා කළමනාකරණය, මූල්‍ය පද්ධතියේ විශ්වසනීයත්වය සහ නීතියේ ආධිපත්‍යයට සෘජුවම තර්ජනයක් එල්ල කරන කාරණයකි.

 

මෙවැනි ජාත්‍යන්තර අපරාධ ජාල රට තුළ ස්ථාපිත වීම හරහා විදේශ ආයෝජන, සංචාරක කර්මාන්තය සහ විදේශීය රාජ්‍යයන් සමඟ පවතින විශ්වාසය අඩාල වීමේ දැඩි අවදානමක් පවතී. එමෙන්ම, රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ විනිවිදභාවය පිළිබඳ විශ්වසනීයත්වයද මෙවැනි ක්‍රියා හේතුවෙන් බරපතළ ලෙස අභියෝගයට ලක්වේ. එබැවින්, මෙම සංවිධානාත්මක අපරාධ ජාලය සහ ඊට අනුග්‍රහය දක්වන දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පූර්ණ විමර්ශනයක් කඩිනමින් සිදුකිරීම ජාතික අවශ්‍යතාවයක් බව දැඩිව අවධාරණය කළ යුතුය.

නවතම ලිපි