SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

කරු පරණවිතාන ගේ මෙම ලිපිය, වර්තමානයේ දැඩි කතිකාවකට බඳුන් වන "සංඝාධිකරණ"

සංකල්පය පිළිබඳව සමාජය තුළ පවතින ව්‍යාකූලතා සහ සදොස් වැටහීම් නිරවුල් කරන විචාරාත්මක විග්‍රහයකි. ශාසන පරිහාණිය වැළැක්වීම උදෙසා සංඝාධිකරණයක ඇති අවශ්‍යතාව පෙන්වා දෙන කතුවරයා, එය රටේ පොදු අපරාධ නීතිය අභිබවා යන "බෞද්ධ ෂාරියා නීතියක්" හෝ වරදකරුවන්ට දණ්ඩන මුක්තිය දෙන ආයතනයක් නොවන බව තර්කානුකූලව පැහැදිලි කරයි. විනය පිටකයට අනුකූලව එහි උපරිම බලතල "සංඝ සමූහයෙන් නෙරපා හැරීමට" පමණක් සීමා වන බවත්, බුදුදහමේ අවිහිංසාවාදී සහ පුනරුත්ථාපන දර්ශනය එහි ගැබ්වන බවත් පෙන්වා දෙන මෙම ලිපිය, ශාසනික චිරස්ථිතිය උදෙසා රටට අත්‍යවශ්‍ය විනය පාලන ව්‍යුහයක සැබෑ සීමා මායිම් වටහා ගැනීමට පාඨකයාට සපයන මගපෙන්වීමකි.

 

Untitled-15.jpeg

 

සංඝාධිකරණයෙන් කළ හැකි වැඩ සහ නොහැකි වැඩ

"සසුන පිරිහුණහොත් රාජ්‍ය පිරිහේ" යනුවෙන් ඊයේ ලිවූ සටහනේ සඳහන් කළෙමි. මේ ලිපියද එයටම අදාලය.

ශාසන පරිහාණිය වැළැක්වීමට රජයක් විසින් ගත හැකි එක් ක්‍රියාමාර්ගයක් වන්නේ විධිමත් සංඝාධිකරණයක් පිහිටුවීම සඳහා පහසුකම් හා නීතිමය ප්‍රතිපාදන සැකසීමය. මේ අවශ්‍යතාව දැන් යළිත් කරළියට පැමිණ ඇත.

 

 

සංඝාධිකරණයක් කී පමණින් බොහෝ දෙනා කළබල වී ඇත. සමහරුන් අසන්නේ මේ සැරසෙන්නේ "බෞද්ධ ෂාරියා නීතියක්' හඳුන්වා දෙන්න දැයි යන්නය. තවත් සමහරු කියන්නේ මේ සැරසෙන්නේ "නරින්ට කුකුල්ලු බාරදීමක්" හෝ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" මාදීලියේ වැඩකට බවය. තවත් අය අධි සුබවාදී වී ශාසනයේ සියලු ප්‍රශ්න නිරාකරණය කරගත හැකි සුරතුරක් ලෙස සංඝාධ්කරණය දකිති.

 

BBS.jpeg

 

 

මෙසේ විෂම අදහස් මතුවීමට හේතුව සංඝාධිකරණයකින් ඇත්ත වශයෙන්ම කළ හැක්කේ කුමක්ද නොකළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් නොතිබීමත් සංඝාධිකරණය පිළිබඳ මෙතෙක් මතුවී තිබෙන ශාසනික හා නෛතික කතිකාවේ අන්තර්ගතය විමසා නොබැලීමත් හේතුවෙනි.

 

සංඝාධිකරණය පිහිටුවිය යුත්තේ විනය පිටකයට අනුකූලවය. ඒ අනුව විනය වරදක් සිදුකරන භික්ෂුවකට සංඝාධ්කරණයකින් දිය හැකි උපරිම දඬුවම වන්නේ සංඝ සමුහයෙන් නෙරපා දැමීම හෙවත් එම වරද කර තිබෙන භික්ෂුව සමග මින් මනත කිසිදු සම්බන්ධකමක් නැතැයි භික්ෂු සංඝයා විසින් ප්‍රකාශ කරනු ලැබීමය. ඒ හැරෙන්නට මරණ දඬුවම, සිරදඬුවම්, දඩගැසීම් ⁣, දේපළ සන්තකය අහිමි කිරීම් පමණක් නොව චීවරයක් දැරීමේ අයිතිය අහිමි කිරීමට පවා සංඝාධිකරණයකට නොහැකිය.

 

 

අවිහිංසා දහමක් වූ බුදු සමය දණ්ඩනය ප්‍රතිකේෂප කරන අතර ඕනෑම පාපී පුද්ගලයකුට වුව පුනරුත්ථාපනය වී නිර්වාණ මාර්ගයට යළි අවතීර්ණ වීමේ ඉඩකඩ ලබා දේ. දැනට නිරයේ පැසවමින් සිටින දෙවිදත්තෙර පවා සසර මතු දවසක නිවන් දකිනු ඇතැයි කියන්නේ මේ තර්කයට අනුවය.

 

 

රටේ අපරාධ නීතිය ඇතුලු පොදු නීතිය උල්ලංඝනය කරන භික්ෂුවකට සංඝාධ්කරණයක පෙනී සිිට දණ්ඩන මුක්තියක් ලබාදීම සංඝාධිකරණයේ අරමුණ නොවේ. එවැනි වරදකරුවන්ට එ⁣රෙහිව ක්‍රියාත්මක විය යුත්තේ රටේ දැනටමත් පිහිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ මගිනි. සංඝාධිකරණ පිහිටුවීම මගින් මෙකී අධිකරණ විමර්ශන අහෝසි වන්නේ නැත.

 

 

එසේනම් සංඝාධිකරණයක් පිහිටුවීමේ අරමුණ කුමක්ද ? ශාසන විනය පරිහාණිය වැළැක්වීමට ශාසනය මට්ටමෙන් ගත හැකි උපරිම පියවර ගැනීමය. එය අපට පෙනෙනු ඇත්තේ ඉතා අවම පියවරක් වශයෙනි. එහෙත් මේ අවම පියවරවත් විධිමත්ව නොගෙන තිබීම අපේ රටේ ශාසනයේ තිබෙන අඩුපාඩුවකි. 

 

නවතම ලිපි