SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසන්ත සමරසිංහ පිටිපස්සේ හැංගිලා ඉන්න ජේවීපී එකේ සාර්ථක ම ව්‍යාපාරිකයා. අවුරුදු 10 පරක්කු වෙලා

ෆර්ස්ට් ක්ලාස් උපාධියක් ගත්ත පළමු පන්තියේ විදුලි ඉංජිනේරුවා පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි. මේ මහතා ගැන නොකිව්වොත් අපි දේශ ද්‍රෝහීන් වෙනවා.

 

පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි හෙවත් විදුලි බල සහ බලශක්ති ඇමති හෙවත් කුමාර ජයකොඩි කියන්නේ අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති කාලයේ 2005 වසරේදී අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකාරවරයා ලෙස පත් කරන ලද අනුර කුමාර ගේ හිතවතා..

 

 

මේ ඩයල් එක තමා මාලිමා ආණ්ඩුවේ පළවෙනි පුසා වෙන්න තිබුනේ අල්ලස් හා දුෂණ කොමිසමට යන්න. එක හිමිට යට ගියා. හේතුව..අනුර අයියා දුන්න පොස්ට් එකේ ,. ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ මැනේජර් විදිහට වැඩ කරන කාලයේ හුණුපිටිය පොහොර ගබඩාවේ බිම කාපට් කරද්දී වංගුවක් ගැසීම.ඒක එක.

 

 

මෙයා ඉපදිලා තියෙන්නේ 1967. ඒ කියන්නේ මෙයා උපාධිය ගන්න ඕනා සාමානයයෙන් 1990-1993 අතර කාලයේ,. මෙයා ගේ උපාධිය හොර උපාධියක් කියල කිව්වා ම ප්‍රෙස් එකක් තියලා පේරාදෙණියෙන් දුන්න උපාධි කොලයක් පෙන්නුවා එකේ උපාධිය ප්‍රධානය කරපු අවුරුද්ද විදිහට සටහන් වෙන්නේ 2003 . ඒ කියන්නේ අවුරුදු 10 පස්සේ . හොදම වැඩේ කියන්නේ මෙතුමා කියනව එයාට තියෙන්නේ ෆිර්ස්ට් ක්ලාස් එකක් ( ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ). ඉංජිනේරු උපාධියක් කල එකෙක් දන්නවාඉලෙක්ට්‍රිකල්අවු 10 පරක්කු වෙලා උපාධිය සම්පුර්ණ කරලා ෆිර්ස්ට් ක්ලාස් එකක් දාන්න නං නිව්ටන් ට කිට්ටු මොලයක් තියන්න ඕන වග. මේකා ඒ කොලේ ප්‍රෙස් එක ඉස්සරහ හොල්ලලා එකෙන් ශේප් උනා.මෙතුමා ගේ ලින්ක්ඩින් ප්‍රොෆයිල් එකේ කනෙක්ෂන් එකයි මම බලනකොට? මොන ඉංජිනේරුවෙක් ද මේ මෙයැයි ? ඒක දෙක.

 

දැන් මෙතුමා පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද?

 

මෙයා එන්නේ ජාතික ලැයිස්තුවෙන්. ඒ ඇවිත් ගන්න අමාත්යංශය මොකක් ද? " බලශක්ති" අමාත්‍යාංශය.

 

උබලා දන්නවා මහින්ද ගේ කාලේ , සිරිසේන ගේ කාලේ. චන්ද්‍රිකා ගේ කාලේ රනිල් ගේ කාලේ බලශක්ති., වරාය වගේ ඒවා වලට ඇමති ල වෙන්න කොච්චර පොර කනවා ද කියල. දැන් අනුර තමන්ගේ 2005 ත් තනතුර දුන්න හිතවතා නැවත , ජාතික ලැයිස්තුවෙන් ගෙනත්, " බලශක්ති අමාත්යංශය" ම දෙන්න මොකක්ද ඔච්චර තියන රුදාව. අනික කලින් චෝදනාවක් තියෙද්දිත්. මොකද මෙයා බලශක්ති ක්ෂේත්‍රයේ මහා විද්වතෙක් ද? අවුරුදු 10 රිපීට් වේවි ඉදල උපාධිය ගත්ත? බලශක්ති අමාත්‍යංශයට හැමෝම කැරකෙන්නේ ඇයි ? එක තමා " සල්ලි, රුපියල් ඩොලර් වැඩිපුරම එහෙ මෙහෙ මාරුවෙන තැන . අත මිට මොලොලා දිග ඇරලා බැලුවත් ඔතන ඩොලර් ලක්ෂයයි. එහෙම තැන ඕක. මම කියන්නේ නැහැ තාම ඒ වැඩේට බහින්න වෙලාවක් ආවය කියල. එත් මේ වත්කම් වාර්තා බලනකොට උබලගේ කුඩා මොලේට උනත් යමක් තේරෙන්නේ නැද්ද?

 

 

ටොයෝටා කාර් එක - අවුරුද්ද 2013 : රුපියල් ලක්ෂ 75

ටොයෝටා ලෑන්ඩ් කෘසර් ජීප් එක 2015 : රුපියල් ලක්ෂ 450

ආයෝජන සහතිකය එක-ලබාගත් දිනය-2023-අගෝස්තු-02-රුපියල් ලක්ෂ 25.

ආයෝජන සහතික දෙක-ලබාගත් දිනය-2023-නොවැම්බර්-13-රුපියල් ලක්ෂ 22

ආයෝජන සහතිකය තුන - ලබාගත් දිනය - 2024-මැයි -02 - රුපියල් ලක්ෂ 50

ආයෝජන සහතිකය හතර- ලබාගත් දිනය - 2024-මැයි -23 - රුපියල් ලක්ෂ 70

ආයෝජන සහතිකය පහ-ලබාගත් දිනය - 2024-මැයි -27 - රුපියල් ලක්ෂ 100

ආයෝජන සහතිකය හය-ලබාගත් දිනය - 2024-ජුලි -24 - රුපියල් ලක්ෂ 86

ආයෝජන සහතිකය හත-ලබාගත් දිනය-2024-අගෝස්තු-12 - රුපියල් ලක්ෂ 83

මුළු එකතුව ආයෝජන සහතික විතරක් ( 2023 අගෝස්තු 02 ඉදන් 2024 අගෝස්තු 12 වෙනකම් ), ලක්ෂ 436 යි. මුළු එකතුව ලක්ෂ 1596 හෙවත් මිලියන 160 යි.

 

 

මතක ද ? ජෙපපො පත් උන චන්දෙ තිබුනේ කවද්ද? 2024 නොවෙම්බර්,. නොවැම්බර් වෙනකොට. " මුට්ට කාසි ඔක්කොම " පිළිගත් මුල්‍ය ආයතන වල ආයෝජන සහතික වෙලා වගේ පෙන්නේ නැද්ද?

 

 

චන්දෙ ට මාසෙකට දෙකකට කලින් ජුලි අගෝස්තු වල දාපු ලක්ෂ 83 සහ ලක්ෂ 86 දාලා තියෙන්නේ ධම්මික පෙරේරා ගේ වලිබල් ෆිනෑන්ස් එකට වීමත් තනිකර අහම්බයක් ද?

 

 

උගත් ඉංජිනේරු තුමාට පුළුවන් මේ ධනය දුප්පත් ඉංජිනේරුවෙක් විදිහට උපයා ගත හැටි සහ ඒවාට බදු ගෙවූ ආකාරය කියන්න. .සහ මේ ආයොජන සහතික වලට ආ මුදල් ඔය දවස් වලට කලින් කොහොමද කොහෙද තිබුනේ කියන්න.

 

මට තියන ප්‍රශ්නේ මේකයි, වසන්ත සමරසිංහ ට යොමුවෙන අවධානයෙන් බිංදුවක් මෙතුමාට යොමු වෙන්නේ නැත්තේ ඇයි . මෙතුමාට තියන මුක්තිය මොකක්ද?

 548924529 10238978440188867 2423421818112702425 n548967135 10238977982897435 7311447648122976158 n549459045 10238978457389297 7582273049411149944 n549558773 10238978454309220 281687876977740832 n549930931 10238977978177317 3361383557482198105 n550181402 10238977973777207 7073682778402205167 n550371561 10238978451589152 3121232067530908670 n550727791 10238977984897485 1981833697581146051 n

 

Sirimal Bandara fb page

නවතම ලිපි