හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ඇප ලැබීමෙන් පසු විපක්ෂ නායක
සජිත් ප්‍රේමදාස ඊයේ (26) පස්වරුවේද කොළඹ ජාතික රෝහලට ගොස් තිබේ.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුවදුක් බැලීම සඳහාය.
විපක්ෂ නායකවරයා සමගම විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මෙන්ම විවිධ පක්ෂවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් බැලීම සඳහා ඊයේ පස්වරුවේ ජාතික රොහලට ගොස් ඇත.
බන්ධනාගාර ගත කළ අවස්ථාවේ සිට ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාව දක්වාම විපක්ෂ නායකවරයා හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීම සඳහා දිනපතාම ජාතික රෝහලට ගොස් ඇතැයි වාර්තා වේ.